gossiplanka image 1
 

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ

පෙරදා මෙන් හද මල් පිපුනා දෝ
සතුටු කඳුළු නුඹ ළඟ මිදුනා දෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වා දෝ

සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමට ද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ

හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබබ් ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟකදී ලබන දිනේ

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ
ඇයි දෝ යළි ආවේ ඇයි දෝ යළි ආවේ
ඇයි දෝ යළි ආවේ

පද රචනය දයා ද අල්විස්
සංගීතය -ආචාර්ය නන්දා මාලනී
ගායනය-නිරංජලා සරෝජනී