gossiplanka image 1


දකුණු පළාතේ උප නගරයක් අසල වු ග්‍රාමීය බැංකු ශාඛාවකට පසුගියදා උදේම  පැමිණි වියපත් මවක් රුපියල් දාහේ නෝට්ටුවක් කළමනාකාරණයට දී මාරුකර දෙන ලෙස ඉල්ලුවාය. " නෝනා මට බස් එක් යන්ත මාරු සල්ලිත් ඕනෑ නෑ . නැත්නම් ඉතුරු සල්ලි දෙන්නෙ නෑ" ඇය තවදුරටත් කීවාය. ඇයට මාරු කාසි හා නෝට්ටු ලැබුණි. සවස් වරුවේද ඇය එම බැංකුවට ආවාය. "නොනේ මං ගෙදර යන ගමන් මගේ මේ  සිල්ලර කාසි අරගෙන තනි නෝට්ටුවක් දෙන්න" ඇය කීවාය. ''ඇයි ආච්චි'” කළමනාකාරීතිය විමතියට පත්ව ඇසුවාය.


'' ගෙදර තනි කොළයක් අරත් ගියාම ඒක හංග ගත්ත ලේසියි " කී ඇය කපටි සිඟාවක් පා සල්ලි කීය කීය හරි ඉල්ලගෙන නැදැෂයා හිගත්පතා ගෙදරට එනවා. එතකොට හිතට එකඟව මාරු සල්ලි තැ කියල බෙරෙන්නත් පුළුවන් " කී ඇය කළමනාකාරිනිය දුන් නෝට්ටුව ඉළත් සඟවා ගත්තාය.