gossiplanka image 1


උසස් පෙළ අමතර පන්තියකට සහභාගිවීමට ගිය සිසුවියක් කහ ඉර මාරුවෙද්දී සිදුවූ අනතුරක් හේතුවෙන් ඇයට මංගල සිනු හැඬ වෙන්නට ගිය පුවතක් උතුරු මැද පළාතේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා වෙයි. මෙවර උසස් පෙළ විභාගයට සුදානම් වන සිසුවියක් තම මිතුරියන් පිරිසක් ද සමඟින් අමතර පත්තියකට සහභාගිවීම සඳහා නගරයේ කහ ඉරක් මඟින් පාර මාරුවෙද්දී යතුරු පැදියක පැමිණි තරුණයෙක් ඇත නියාම සිසුවියන් දුටුවේය. ඔහු වැඩ පෙත්තත්ත සිතා වේගයෙන් කහ ඉර අසලටම පැමිණි යතුරු පැදියේ තිරිංග තද කළත් නිසායා කරව එය ක්‍රියාත්මක නොවීම නිසා යතුරු පැදිය කැරකී සිසුවියකගේ ඇගේ හැපීමෙන් ඇය බිම ඇද වැටී කකුලකට සුළු තුවාල සිදු විය.


අවට සිටි වැඩිහිටියන්ගේ මැදිහත්වීමත් අසල වූ වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් සිසුවියට ප්‍රතිකාර ලබාදීමට තරුණයාට සිදු වුවත් වෛද්‍යවරයා ඉදිරියේ දෙදෙනාම තම අනන්‍යතාව ප්‍රකාශ කිරීම නිසා තරුණයාට සිසුවියගේ තොරතුරු දැන ගැනීමට හැකිවිය. නිවසට ගිය තරුණයා තම මවට හා පියාට සිද්ධිය පැවසීමන් පසු තම පුතුට ඉදිරියේදි යම් කරදරයක් ඇති වේදෝ සිතා බියට පත් ඔවුහු සිසුවියගේ නිවසට ගොස් ඇයගේ මවුපියන් මුණ ගැසීමට තීරණය කළහ. අතතුර එතරම් බරපතළ නොවන බවත් ඒ පිළිබඳව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නාගත්තා බව ඇයගේ පියා ඔවුන්ට දැත්වූවත් සිසුවිය පිළිබඳව ඉතා උනන්දුවෙත් කතාබහ කළ ඔවුන් තමන්ට ඉත්තේ එකම පුතු බවත් පවුලේද ගැටලු නැති නිසා අවශ්‍යතම් සිසුවියගේ අධ්‍යාපන කටයුතු වලට උදව් කළ හැකි බවත් පවසා එහෙනම් අපි නැවතත් එත්තම් යැයි කියා නිවසින් එළියට බැස්සාහ.


"නෑ නෑ.......අපි ඒවා බලාගන්නම්. ආයෙ මෙහේ නාවාට කමක් නැතැයි සිසුවියගේ පියා පැවසීම නිසා ඒ බලාපොරොත්තුව ද මග හැරී ඔවුන්ට නිවසට පැමිණීමට සිදුව ඇතැයි වාර්තා වෙයි.