gossiplanka image 1


රාත්‍රියේ හොර පුවක් කැඩීමට ගස් නැගි පුද්ගලයකු නැගි ගස ගැලවී අඹ ගසක සිරව සිටියද ගම්මුන්ට හමු වීමේ පුවතක් පාතදුම්බර කඳුකර ගම්මානයකින් වාර්තා වේ. වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය සැළකවත් මෙසේයි.  මත්පැනට තදින්ම ලොල් වූ තනිකඩ පුද්ගලයෙකු වූ ඔහු කුලියක් කර ජීවිතය ගැට ගසා ගත්තද තම් මත්පැනට අවශ්‍ය මුදල් බොහෝ විට සොයා ගත්තේ අසල්වැසි  ගෙවතු වලට පැහ හොරෙන් පුවක්

හෝ පොල් කඩා විකිණීමෙන් ලැබෙන  මුදලිනි.


කෙසේ නමුත් එදින රාත්‍රියේ   ප්‍රදේශය පුරා පැවැති මොර සූරහ වර්ෂාව මධ්‍යයේ අසල්වැසි ගෙවත්තක තිබු පුවක් ඉත්තක් කැඩීමට ගස් නැගි ඔහුට දෙලෝ රත්වූයේ පුවක් ගස ටිකෙන් ටික ඉදිරි වැටීමට පටත් ගැනීම නිසාය. කර කියා ගත  නොහැකි වූ ඔහු  වැටහ ගස බදාගෙන සිටිමත් සමගම එය නතර වූළත් අසල අඹ ගසක  සිරවිමෙනි. ඉන් මිදී පළා යාමට කොළතක් උත්සාහ කළද ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ තැන පසුදිග උදෑසන  වනවිටත් අඩ සිහියෙන් සිටී එම පුද්ගලයා ගම්මුන් විසින් දැක වඳෙන් පොරෙත් බිමට බස්වා  ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.