නිවසේ තිබී අස්ථාන ගතවූ වටිනා ලියවිලි අඩංගු කවරයක් සොයා ප්‍රදේශයේ කසළ කන්දක් ළගට ගිය අයෙකුට එය සොයා ගැනීමට රුපියල්
පන්දාහක් වැයවූ සිද්ධියක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. අලුත් අවුරුද්දට නිවස ශුද්ධ පවිත්‍ර කිරීමේ අරමුණින් ගෙහිමියා තවත් අයකුගේ සහය ඇතිව නිවස ශුද්ධ පවිත්‍ර කර ඇත. ඒ අතර නිවසේ තිබූ අවශ්‍ය පොත් පත් හා ලිපි ලේඛන කඩදාසි ලොකු මල්ලකට දමා ඒවා කසළ ගෙනියන ලොරියකට බාර දී ඇත.දින කීපයකට පසු ගෙහිමියා හිවසේ තිබූ ඉඩම් ඔප්පු නැතිවී ඒවා සොයන විට බිරිය කියා ඇත්තේ අනුමානයක් නෑ කුණු ගොඩට ගිහිල්ලා ඇති කල්පනා කර බලත්හ කියාය.
සමහර විට වැරදිලා විසිකලා ද දන්නේ නෑ. කොයි එකටක් මම ගිහින් බලත්නම් කියා කසළ කන්ද තිහ තැනට ගොස් ඇත. කසළ කන්ද තිඛෙන තැනට ගිය ගෙහිමියා එහි සිටි අයකුට කතා කර සිදුවූ ඇබැද්දිය කියා ඔහු සමග එක්ව නැතිවූ කවරය සොයා ඇත. මහත්තයා දවස ගානේ මෙහෙම කඩදාසි කොච්චර කුණු එහවද? සොයන එක ලෙහෙසි නෑ මට කවරළය හැඩරුව කියත්ත මම හොයලා තියන්නම් මම මෙ කඩදාසි එකතු කරනවා. සමහරවිට බැරිවෙන එකක් නෑ. හැන්දෑ වනතුරුම හෙව්වත් නැති වූ කවරය සොයා ගැනීම අසිරු වූ හිසා ඔහු කසළ කන්දේ සිටි පුද්ගලයාට එය සෙවීම බාර දී නිවසට පැමිණ පසුදා උදේම එහි ගොස් නැවත ඒ ගැන විමසා තිබේ. මහත්තයෝ කවරයක් හම්බ වුනා මේකද කියලා බලන්න. අපෝ ඔව් බොහොම ස්තුතියි. මෙන්න රුපියල් පන්දාහක්ම තියනවා. ඔයා මේ මට කළේ ලොකු උදව්වක්. කියා එය සොයාදුන් පුද්ගලයාට කියා පිටව ගොස් ඇත්තේ අමතක නොවන පාඩමක්ද ඉගෙන ගෙනය.
Comments
Post a Comment