ඕනෑම තකතීරු වැඩක් කර තැනට සුදුසු නුවණ පාවිච්චි කර ඉන් බේරී පලායන සටකපටි පුද්ගලයෙක් හෝ දෙන්නෙක් සෑම ගමක ම වාගේ සිටිති. පස්වුන් කොරළයේ පිටිසර ගමක ජීවත්වු සිල්වා ද එවැනි අපුර්ව කපටි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථවලට 'පුංචි දගකාරි’, 'මෙම රථයට යහපතක්ම වේවා' වැනි වැකි ඇතුලත් ස්ටිකර් අලෙවි කිරීම රැකියාව කරගත් නිසා ඔහු ස්ටිකර් සිල්වා නම් විය. දිනක් සිල්වා ත්‍රිරෝද රථ ලස්සන කිරීමට අවශ්‍ය උපකරණ සහිතව තොරොම්බල් කරත්තයක් මෙන් සැරසී නගරය පුරාම ඇවිද ගියත් වැඩක් නොවුණ නිසා අසල ඇති හෝටලයට ගොඩවුණ දැනු බඩගින්න වැඩිකම් නිසා බනිස් ගෙඩියක් කා තේ කෝප්පයක් බීමටය.
ඇණවුම් කළ සැනින් ඛනිස් අඩංගු තැටියක් වේටර්වරයා, සිල්වා අසල තැබුවේය. එක බනිස් ගෙඩියක් කා අඟවර වුවත් තවත් ඛනිසක් දෙකක් කෑයම් ආසාව ඇති වූ මුත් එතරම් මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට ලෝධකමක් ඇති වූ සිල්වා වට පිට බැලුවේ. වේටර්වරයා අසලක ඇතිදැයි සිතමිනි.ඔහු පිළිබඳව එතරම් උනන්දුවක් දක්වනනෙකු හෝටලයේ නැති බව වටහා ගත් සිල්වා තවත් බනිස් ගෙඩි දෙක තුනකම යට පැත්සතන් කවුළුවක් හාරා ඇතුළත ගලවාගෙන කෑමට ගත් අතර ඒ සියල්ලම් කවුළුව පැත්ත යටට සිටින සේ තෂ්ටියේ තබා ත් එකක්ද ගෙන්වා වේය. වේටර්වරයා පැමිණ ඛනිස් එකයි ප්ලෙන්ටියයි යනන්ද මහත්තයා යනුවෙන් පවසා අදාළ මුදල හඬ නඟා කීය.
සිල්වා මුදල ගෙවීමට කවුන්ටරයේ සිටි හෝටලයේ අයිතිකරු යවත ගිය අතර වේටර් බනිස් තැටියද රැගෙන ඉදිරියට යන විට කලලයයන් යත් ඩීමට පැමිණි අයයකුගේ ඇගේ හැපී බනිස් තැටිය බිමට වැටිණි. පොත්ත පමණක් ඉතිරිවූ ධබ්නිස් කීපය දුටු වේටර්වරයා එය අහුලාගෙන හෝලයේ අයිතිකරු වෙත ගියේ බලන්න මහත්තයා යම් මිනිහා හා කපටියක්, ඛනිස් තුනක් යටින් හිල්කරල කාලා. දැන් එක බනිස් ගෙඩියකට බිල ගෙවන්නයි යනවා කියා මහා හයියෙන් කෑ ගැසීය. හෝලයේ අයිතිකරු ද සිල්වා සදෙස උකුසු බැල්මක් හෙවුවත් සිල්වා එය ගනණකට නොගෙන සස් කීය.
'''මේ වේටර් උන්නැහැ. තමුසෙට වැඩක් නැහැ, මේ බනිස් කාපු ක්‍රමය මොකක්ද කියන්න. ඒ තමයි මගේ බනිස් කන ක්‍රමය තමුසෙට තියෙන හිල් හොයන්න නොවේ බිබ්නිස් කීයක් කාලද කියල බලල ඒකට බිල කියද කියල කියන එක විතරයි. ''වේටර්වරයාගේ කට වැසිණි '' ධනිස් හතරයි ප්ලේන්ටියයි උස් හඬින් නැවත ඇසිණි. සිල්වා බිල සගවා ඇසක් පුංචි කර වේටර් දෙස බලා කට කොනකින් සිනාසී පිළියට බැස්සේය.
Comments
Post a Comment