gossiplanka image 1



තම වෙළඳ සැලේ හිතරම නැවුම් එළවලු අලෙවි කරන වෙළෙන්දෙකු ගැන සැක සිතූ එම ප්‍රදේශයේ  එළවලු  වගා කරන ගොවියෝ තම වගාවන් රාත්‍රී කාලයට මුර කරන්නට වූහ. එහිදී මේ පුද්ගලයා කොරටු වලින් සොරාගත් එළවලුත් සමග අතටම පසු විමේ පුවතක් පහළවැව පුදේශයෙන් වාර්තාවේ. මොහු තිදරු පියකු වන අතර වයස අවුරුදු 70 ඉක්මවා ඇති යහයින් හතර පෝයටම සිල් ද සමාදන් වෙයි. නිතර ආගම දහම ගැන කතාකරන මොහු තම මුණුබුරු මිණියන්ට ද ආගම දහම අනුව ජීවත් වන්නයි උපදෙස් දෙයි. ප්‍රදේශයයේ අනෙකුත් වළවළු වෙළඳසල් පසු කරගෙන ගොස් මොහුගේ වෙළඳසලෙන් එළවළු ගැනීමට පාර්යභෝගිකයන් පුරුදු වී ඇත්තේ නිතරම නැවුම් එළවළු සීමහි අසලවි කිරීමට ඇති හෙයිනි. ඔහු පාරිභෝගිකයන්ට නිතර පවසන්නේ තමන් නැවුම් එළවළු සාධාරණ මිලකට අලෙවි කරන බවයි.


ගමේ ඉලන්දාරි නිකරුණේ කාලය ගත කිරීම ගැන දැඩි කෝපයෙන් කතා කරන මොහු පවසන්නේ තරුණයින් ඉඳහිට හෝ සිල් සමාදන් වීමට හුරුවිය යුතු බවයි. එහිදී තමන් විසින් සිදු කරනු ලැබෙන  වැරදි වැඩ තියට නම් ඒවාට හිත නොයන බවත් ඔහු කියයි. මෙම නැවුම් එළවළු අලෙවි කිරීම පිළිබඳව ගම නොසයක් කටකතා පැතිර තිබු අතර ඒ සියල්ල යටපත් වන්නේ මොහු වසර ගණනක සිටි සිල් සමාදන් වන බැවිනි. ප්‍රදේශයේ එළවළු කොරටු වල අස්වැන්න තැනින් තැන අඩු වන බව දැනගත් ගොවියෝ රාත්‍රියේ තම් වළවළු කොරටු මුර කරන්නට වූහ. දිනක් රාත්‍රියේ සුළු වර්ෂාවක් ද සමඟ එක් ගොවි මහතකුගේ කොරටුවේ කුඩා එළියක් තිබෙන බව දැක ඔහු කළුවයම එම ස්ථානයට ළඟා වී ඇත.


එහිදී දැක ඇයත් හතර පෝයටම සිල් ගන්නා උපාසක මුදලාලි පාරිභෝගිකයන්ට නැවුම් එළවළු ලබා දීමට කොරටු වලින් වළවළු සොරාගන්නා අන්දමයි.මොහු අතටම හසුකර ගැනීමෙන් පසු කිසිත් කර කියා ගැනීමට නොහැකිව ලැජ්ජාවට පත්වී කොරටු හිමියාගෙන් සමාව ඉල්ලමින් තමන් මෙවැනි වැඩක් කළ බව ගමේ කිසිවකුටත් නොපවසන ලෙසත් වය තමන්ට ලැජාවක් බවත් කියා ඇත. සිද්ධියෙන් පසු පාරිභෝගිකයන්ට මුදලාලිගේ නැවුම් වළවළු වෙළඳාම රහසක් නොවන රහසක් වී ඇත.