gossiplanka image 1


තිස් පස් හැවිරිදි මවක පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා සහ සැමියා අතරමං කර හැට හැවිරිදි  ඩ්‍රයිවර් මාමා සමග  අතිනත පටලවාගෙන ගිය සිද්ධියක් පසුගියදා මීරිගම පොලිසියේ දී දැක ගත හැකි විය.  මීරිගම පොලිසියේ පොලිස් පරීක්ෂක  සෙනෙවිරත්න මහතා හමුවේ දිග හැරුණු කතාව මෙසේය.


තිස් පස් හැවිරිදි මේ තිදරු මවගේ සැමියා ආරක්ෂක අංශයේ සාමාජිකයෙකි. ඔහු  පවුලේ වැඩ කටයුතු සඳහා කුඩා ලොරියක් මිලදී ගත්තේ කලකට පෙරය. දරුවන් කිදෙනා කටමක් පාසල් වියේය. බිරිඳ සැමියා නැති ගෙදරට නිතරම් ආගිය  රියදුරා ඇමතුවේ මාමා යනුවෙනි. රියදුරු මාමාත් ගෘහනියක් අතර තහනම්  ඇසුරක් වැඩුණි. කල් යත් යත් මේ බව සැමියාට ද දැන ගැනීමට ලැබිණි. දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිය. ඒවා ගහ මරා ගන්නා තැනට වැටෙද්දී සිද්ධිය පිළිබඳව මිරිගම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුණි පැමිණිල්ල විභාගයට ගිය පොලිස් නිලධාරියා අමාරුවක වැටුනේ සැමියා දරුවන් තිදෙනා සමග පසෙක බලා සිටිය දී කාන්කාව රියදුරු මාමාගේ අකේ එල්ලී මට මාමා ඕනෑයි කීම නිසාය. දෙපක්ෂය පොලිසියට කැඳවාගෙන යාමට සිදු වූයේ ඒ නිසාය. ගෙදර ලොරියේ සියලු දෙනාටම යාමට බැරි බව කී කාන්තාව ක්‍රිරෝද රථ දෙකක් ගෙන්වුවාය. මාමා සමග එක් රියකට ගොඩ වූ කාන්තාව පොලිසියට යද්දි සැමියාට දරුවන් සමඟ අනෙක් ත්‍රිරෝද රථයේ නැගී පොලිසියට යාමට සිදුවිය.


දෙපක්ෂය කැඳවූ පොලිස් පරීක්ෂකවරයා දන්නා හොඳ නරක කියා කරමින් දුන්නේය. අනාගතයේ ඇති විය හැකි විපාක පිළිබඳව ද දැනුම්වත් කරනු ලැබුවේ දරුවන් තිදෙනෙකු අසරණවීමෙන් සමාජයට සිදුවන අවැඩ ගැන කියා දෙමිනි. කෙතරම් කාලය ගත කළත්  පලක් නොවීය.


'' මට මාමා ඕනෑ මම මාමා එක්ක යනවා"


කාන්තාව පැවසුවේ මාමාගේ අතේ එල්ලි සුරතල් වෙමිනි. මාමා ද කටහඬ අවදි කළේය. දුවට මාව ඕනෑම නම් මම එපා කියන්නේ කොහොමද ඔහු  කීවේය. අන්තිමේ තමන් මාමා සමග යන බව පොලිස් පොකේ සටහන් කර නව යුවළක් මධුසමයට යනවා සේ කාන්තාව පොලිසියෙන් පිටව ජයග්‍රාහී ගමනින් පියමැන්නේ ආදරණීය සැමියාත් කෑඵ පිරිතෙන් හයක් ඇතිව දරුවන් තිදෙනාත් බලා සිටියදීය.