gossiplanka image 1
 




මිතුරකුට ණයක් ලබාදීමෙන් මාස කීපයකට පසු ණය නොගෙවීම නිසා මිතුරාගේ නිවස සොයා ගිය පුද්ගලයකුට සිදුවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. සිද්ධිය මෙසේය. සිරිදාස සහ සුගතපාල විශ්‍රාම සුවයෙන් පසු වුවත් ඔවුහු ගජ මිතුරෝය. සිරිදාස යමක් කමක් ඇති අයකු වුවද නොවුනත් ඔවුන්  සුගතපාල එසේ දෙදෙනා අතර මිතුදම් කාලයක් තිස්සේ පැවතුණි.  සුගතපාල, සිරිදාසගේ නිවසට යෑම සිදුවූවත් සිරිදාස, සුගතපාලගේ  අය ගැන තොරතුරු නොදනී. දිනක්  සුගතපාලට මුදලක් අවශ්‍ය විය. ඒ අනුව තම මිතුරු සිරිදාසට නම අවශ්‍යතාව පැවසුවේය. ඒ අනුව සුගතපාලට රුපියල් දසදහසක් ලැබුණේ මාසික වාරික 10කින් (රු.1000 බැගින්) ගෙවීමේ පොරොන්දුව මතයි.


ඒ අනුව සෑම මාසයකම් දෙවැනි සතියේ දී සුගතපාල නිසි පරිදි වාරිකය තම මිතුරාගේ නිවසට ගොස් දුන්නේය. කෙසේ නමුත් මාස 6කට පසු නම් මිතුරා නොපැමිණියේය. මාසයක්  දෙකක් ගත විය. සුගතපාලගේ ලිපිනය ලබාදී ඇති පරිදි ඔහු සොයා සිරිදාස ගියේය. ලිපිනයේ සඳහන් ගමට ගොස් සුගතපාලගේ  නම කියා විමසුවේය. ඔහු එම ගෙදර නොමැති බවත් වෙනත් ගමක නම්  පවසා එහි ඉන්නා  බවත් අර පුද්ගලයා පැවසුවේය. හැබැයි එයාගේ ගෙදර අය නම් අතත තිබෙන හන්දියෙන් වමට හැරිලා යනකොට තුන්වෙනි ගෙදර යැයි ද පැවසුවේය. තම මිතුරා වූ සුගතපාල ඉල්ලා ගත් ණය මුදල ගැන ගෙදර දරුවන්ට කියන එක මිතුරුකමට හරි නැති බව සිරිදාසට කල්පනා විය.


"කමක් නැහැ මට සුගතපාල ඉන්න තැනට යන පාර කියන්න පුළුවන්ද " යැයි සිරිදාස නැවත පෙර කී අයගෙන් විමසුවේය. එහි සිට කිලෝ මීටරයක් පමණ දුර ඇති ගමක නමක් කියා ඒ හන්දියෙන් අහන්න එතකොට කියයි. මේ ළඟදී ආවේ කියලත් කියන්නකෝ යැයි එම පුද්ගලයා පැවසීය. "එතන ඉඳලත්  තව යන්න ඕනැද?" සිරිදාස ඇසීය.


නෑ නෑ එතන කනත්ත තියෙනවා. ඒ වැට මායිම ළඟ ඉන්නේ. කනන්නේ මුරකරුගෙන් ඇසුවා නම් කියාවි " යැයි  ඔහු වැඩිදුරටත් පැවසීය.

සිරිදාස ඔහුට ස්තුති කර සුගතපාල ඉන්න බව කියන ගම් සොයා ගියේය. එම පුද්ගලයා පැවසූ පරිදි එම ගමේ හන්දියට ගොස් පාරේ යමින් සිටි අයකුගෙන් විමසු නමුත් ඔහු නොදන්නා බව පැවසීය. නැවතත් ඒ අසල නිවසක ඒ සිටි කාන්තාවකගෙන් විමසීය. ඇය ද නොදන්නා බව පැවසුවාය. තොරතුරු දුන් පුද්ගලයා කනන්නේ මුරකරුගෙන් අහන්න යැයි කී බව සිරිදාසට මතක් විය. සිරිදාස කනන්නේ මුරකරු සොයා ගියේය. කනත්ත දොරටුව ළඟින් ඇතුළු වනවාත් සමග "සුගතපාල මහාතට නිවන් සැප ලැබේවා '' යන වැකිය සඳහන් සේයාරුවක් ඒ අසල තාප්පයේ අලවා තිබෙනු දැක කෝපයටත්, ලැජ්ජාවටත් පත්වූ සිරිදාස තම නිවස බලා ආපසු ගියේය.