අවුරුදු තරග සඳහා සහභාගීවීම සමිති සාමාජිකයන්ට පමණක් සීමාකර තිබිණ. ශාඛා සමිති හතකින් සමන්විත මව් සමාගමේ අනුග්‍රහයෙන් පැවැති අවුරුදු උත්සවයේ තරග සංවිධාන කිරීම හා ලබාදෙන ත්‍යාග තීරණය කිරීමේ කටයුතු එක් ශාඛා සමිතියකට පවරා තිබිණ.
අවුරුදු තරග අතරින් රහසිගත තරගයක් වූ සැඟවුනු අමුත්තා සෙවීමේ තරගයේ තොරතුරු රහසිගතව සිදුවිය යුතු බැවින් එහි වගකීම සමිතියේ භාණ්ඩාගාරිකතුමියට බාරදීමට සංවිධායක මණ්ඩලය තීරණය කළේය.
අවුරුදු උත්සවයේ වැඩි පිරිසක් ඉදිරිපත්ව තිබුණේ සැඟවුණු අමුත්තා සෙවීමේ තරගයට බැවින් එහි දැඩි තරගකාරී බවක් දක්නට ලැබිණි.
සවස හතර පමණ වන විට තරගකරුවන් උත්සවයේ සිටි සියලුම දෙනාට තට්ටුකර තිබුණ ද සැඟවුණු අමුත්තා සොයා ගැනීමට නොහැකි වීම නිසා බොහෝ දෙනා තරගය අතහැර තිබිණි.
ත්‍යාග ප්‍රදානය කරන අතරේ එම ස්ථානයට පැමිණි භාණ්ඩාගාරිකතුමියගේ බෑණාගේ පිටට භාණ්ඩාගාරිකවරියගේ දුව තට්ටුකර එම තරගයේ ත්‍යාගය ලබා ගත්තාය.
සැඟවුණු අමුත්තා තරගයේ අනෙකුත් තරගකරුවන්ට දෙවියන් සිහිවූයේ එවිටය.
මුහුණු පොත ඇබ්බැහියෙන් වූ විපතක්
මධ්‍යම රාත්‍රියේ මුහුණු පොත පුරා සැරිසරමින් සිටි කාන්තාවකගේ දුරකතනය නිසා ඇයගේ සිඟිති දරුවාගේ ජීවිතයට වෙන්න ගිය විපතක් තම නැන්දම්මාගේ අවධානයෙන් වැළකී ගිය පුවතක් වයඹ පළාතෙන් වාර්තා වේ. ඇය සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ රූමක් කරුණයකි. නිතරම මුහුණු පොතේ සැරිසරමින් කාලය ගත කරන්නීය. බස් එකේ ගියත්, දුම්රියේ ගියත් මේ පුරුද්ද අතහැරියේම නැත. ඇයගේ මේ හැසිරීම් නිසා කාර්යාලයේ ලොක්කන්ගෙන් බැණුම් අහපු වාර අනන්තය. කාලයක් ගිය පසු මුහුණු පොතේ සැරිසැරූ තරුණයකු සමග හාද වී විවාහ විය. මේ කරුණයා ආරක්ෂක අංශයක සේවය කළේය. ඔහු ද ඇයගේ මේ දුරකතනයේ එල්ලී සිටීමේ පුරුද්දට අවවාද කර තිබුණි.
මෙසේ කාලයක් ගත වන විට ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයගෙන් දරුවාගෙන් සියලුම කටයුතු වලට නැන්දම්මා හරියට උදව් කළාය. මේ ලැබුණු නිදහස තුළින් ඇය කාලය ගත කළේ මුහුණු පොතේ සැරිසැරීමටය. එහෙත් නැන්දම්මා ” දුවේ මේ දරුවා බලාගෙන ඉන්න ඔය දුරකතනය පැත්තකට දාලා " යනුවෙන් නිතරම ඇයට අවවාද කරන්නීය. නැන්දම්මා කොතරම් අවවාද කළත් වැඩක් නැත. ඒ නිසා ඇය දරුවා ගැන ඇස ගසාගෙන සිටියාය. දිනපනාම දෙදෙනා නින්දට යනතුරු අවධානයෙන් සිටියාය.
පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේ අවදි වූ නැන්දම්මා ලේලිය නිදා සිටි කාමරය දෙසට සෝදිසියෙන් පිය මැන ඇත්තේ පුතා ද එනතුරු සිටින නිසාය. දෙදෙනා දෙසි ළංවී බලන විට ඇය දැක ඇත්තේ මිනිපිරියගේ මුහුණ අසලින් එළියක් විහිදෙන බවයි. පසුව සෝදිසි කර බලන විට දැක ඇත්තේ එය ජංගම දුරක තනයක් බවයි. ඇයට දෙවියෝ සිහි විය. තමා නාව නම් දුරකතනය මිනිපිරියගේ මුහුණට සිරවී ඇයට කරදරයක් වීමට ඉඩ තිබූ බව ඇයට වැටහුණි. ඇය දුරකතනය රැගෙන ලේලිය අවදි කළාය.
හීනෙන් මෙන් අවදි වූ ලේලිය දුරකතනය සොයන්නට වූවාය. මේ විකාර රංගනය දුටු නැද්දම්මාට යකා නැග එය පොළොවේ ගසා මහ හයියෙන් ලේලියට බැණවැදුණාය. ඉකිබිඳීම් මධ්‍යයේ ලේලියට මැවී පෙනුණේ සැමියාගේ තරහ ගිය මුහුණයි. තමාගේ මේ ඉවක් බවක් නැති මුහුණු පොතේ සැරිසැරිල්ල නිසා තම දියණියගේ ජීවිතයට හානියක් නොවී බේරාදීම ගැන වැඳ වැටෙමින් පිං දී ඇත්තේ නම් නැන්දම්මාටය.
Comments
Post a Comment