තම ගෙවත්තේ හොර පොල් කැඩීමට ආ සොරකුට එම ගෙවතු හිමියා විසින් ලබා දුන් දඬුවමක් පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. ඔහු මෙන්ම ඔහුගේ බිරිඳ ද රජයේ සේවකයින් දෙපළකි. ඒ තිසාම ඔවුන් ගත කළේ කාර්ය බහුල ජීවිතයකි. සැමියාටත් බිරිඳටත් ඇති කාර්ය බහුලත්වය නිසාම ඔවුන්ගේ ගෙවත්තේ වගා කර තිබූ පොල් ගස් හත අටේ පැසුණු පොල් වල කීපය කඩවා ගැනීමට ද ඔවුන්ට ඉඩක් හොලැබුණි. පොල් ගෙඩි කඩන්නත් අයකරන ඉහළ ගාස්තුව හිසාම ඔවුහු ඒ පිළිබඳ වැඩි උනන්දුවක් ද නොදැක්වූහ. කෙසේ වෙතත් හොදහැටි පැසී බර වී තිබූ පොල් වල කීපයක් දුටු ගමේ පොල් කඩහකු පසුගිය දිනක දිවා කාලයේදීම කල් යල් බලා මගවත්තට ඇතුළු වූයේ පොල් ගෙඩි හත අඅටක් කඩා ගතහොත් පහසුවෙන්ම දවසේ ගතමනාව සොයාගත හැකි බව සිහිකරති.
පොල් ගසකට ගොඩ වූ ගෙඩි හත අටක් බිම දමද්දී සිද්ධිය බලා සිටී අසල්වැසියන් කිහිපදෙනකු එක්ව පොල් හොරා අල්ලාගෙන එම ගසේම බැඳ තිවෙස් හිමියාට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ අසල්වැසියන්ගේ යුතුකම් හරිහැටි ඉටු කරමිනි. අසල් වැසියන්ගේ දුරකතන ඇමතුමත් සමගම නිවෙස වෙත පැමිණි ගෙහිමියාට දැකගන්නට ලැබුණේ තම ගෙවත්තේ පොල් කැඩු පුද්ගලයා එම පොල් ගසටම තබා ගැට ගසා ඇති ආකාරයයි. සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ බැගෑපත්ව සමාව අයැද සිටි පොල් කඩත්තා තමුත් නිදහස් කරන්නැයි නිවෙස් හිමියාගේ දෙපා අල්ලමින් වැඳ වැටුණේ සිද්ධිය පොලිසිය දක්වා ගියහොත් අත්වන ඉරණම ගැන ද සිහිපත් කරමිනි.
නීතිමය කටයුතු වලට ගියහොත් තමුන්ට ද සිදුවන්නා වූ පාඩුව මෙන්ම රස්තියාදුව පිළිබඳ අත්දැකීමෙන්ම දන්නා නිවෙස් හිමියා අවසානයේදී පොල් හොරාට අපූරු යෝජනාවක් ගත ආවේ ඒ වන විටත් රැස්ව සිටි අසල්වැසියන් ද විමතියට පත්කරමිනි.
"හරි උඹ පොල් කඩන්තගේ ආවේ. පොලිසි යන්නත් මොනවා කරන්නත් ඉස්සෙල්ලා ඉතිරි පොල් ටිකත් කඩපන්” යැයි කීවේ ගෙවත්තේ තිබූ සෙසු පොල් ගස් කීපය ද හොරාට පෙන්වමිනි.
කලක් තිස්සේ තම ගෙවත්තේ පොල් ගස්වල පැසී තිබූ පොල් ගෙඩි ටික හොර පොල් කඩ බාගත් හෙතෙම හොරාට ගාස්තු වශයෙන් පොල් ගෙඩි කීපයක් දී ඔහු පිටත්කර හැරියේ "මීට පස්සේ උඹ මේ වත්ත පළාතේ ඇවිත් අහුවෙන්න එපා” යැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි.
Comments
Post a Comment