gossiplanka image 1


රාත්‍රියට නින්දේන් හිනෙන් බියවීමට ප්‍රතිකාරයක් වශයෙන් යකැදුරකු ලවා ඉණෙහි බන්දවා ගත් යන්ත්‍රය මිතුරකුගේ නිවසේ අමතකව ගිය පුද්ගලයකුට මුහුණ පාන්නට සිදු වූ අලකලංචියක් පිළිබඳව දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි. ගොවිතැනක් බතක් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වූ තරුණ විය ඉක්මවමින් සිටි පුද්ගලයකි. කෙසේ වෙතත් මවුපියන්ගේ ඇවිටිලි කිරීම් තිසාම මහේ පසුගියදා විවාහ දිවියට ඇතුළත් වූයේය. ඇතැම් දිනවල රාත්‍රී නින්දේ දී  බියවී කැමොර දී දුවන්නට  ආදී දුර්වලතා කීපයකින් ඔහු කාලයක් තිස්සේ පීඩා වින්දේය.


කෙසේ වෙතත් එය සිය සාමාන්‍ය ජිවිතයට බාධාවක් නොවූ නිසා ඒ සඳහා ප්‍රතිකාරයක් ගැනීමට අවශ්‍ය වෙතැයි ඔහු සිතුවේවත් නැත. විවාහයෙන් පසු බිරිඳගේ පෙරැත්ත තිසාම යකැදුරකු ගෙන්වා ශාන්ති කර්මයක් කරවා ගත්තේය. යකැදුරා විසින් ඔහුගේ ඉණේ යන්තරයක්ද බිඳින ලදී. යන්ත්‍රය කිල්ලට අසුවුවහොත් එහි බල බිඳී යා හැකි බැවින් මළ ගෙවල්වලට කොටහැකි ගෙවල්වලට යාමත් මස් මාළු ආදී පිළි ජාති කෑමත් මාස තුන කටවත් හතර කරන ලෙසද ඔහුට උපදෙසක් ලැබිණි.


මළ ගෙවල්වලට සහ කොටහළු මඟුල්වලට නොයන ලෙස ලද උපදෙස අකුරටම ඉටුකළ ද මත්වතුර ටිකක් බොහ විට කටගැස්මට ලැඛෙන මස් කැල්ලක් ආදිය නොකා සිටීමට  පිළිබඳව නම් ඔහු සිටියේ බලවත් පසුතැවිල්ලෙහි.


පසුගිය දිනෙක මිතුරකුගෙන්   ලද ඇරයුම පරිදි තවත් දෙතුන් දොළහකු සමග මිතුරාගේ නිවසට සෙට් වූයේ හොඳ මල් පැණි වඩියක රස බැලීම් අටියෙනි. එහිදී කටගැස්මට ලැබුණු වල් ඌරු මස් දීසිය දැක ඔහුගේ රස නහර පිනා ගියේය. මස් කැල්ලක් කඳෝ නො ක යැයි සිතමින් සිටී ඔහුව කණ්ඩායමේ සිටි වැඩිහිටි මිතුරකුගෙත් කදිම උපදෙසක් ලැබිණ. එයින් කියවුණේ යන්ත්‍රය ලිහා පසෙකින් තබා කා බී අවසන් කර පසුව මුහුණ කට සෝදාගෙන යන්ත්‍රය යළිත් දාගන්නා ලෙසයි. ඒ උපදෙසින් මහතෙම බලවත් සතුටට පත් වූයේය. හිතේ හැටියට කෑවේය.බිව්වේය.


සාදය හමාර වන විට රාත්‍රී දහය පමණ වී ඇත. වෙරිමර ගාත් ගෙදර ගියේය. නිදි යහනේ දී ඉණේ යන්ත්‍රය නොමැති බව බිරිඳට දැන ගන්නට ලැබිමක් ඈ කෝපාවිෂ්ඨ වූවාය. සත්තරේ නැතුව කොහොමද නිදාගන්නෙ. මෙතන එළි වෙනකම් දොඩවන්නයි ගෝත කරුම කොරත්තයි පටන් ගත්තම මම තමයි එළිවෙනකන් විදවන්න  ඕනෑ ගෝරනාඩු කළ ඇය කියන තැනකින් යන්තරය රැගත මිස ගෙදර නොඑන  ලෙස තර්ජනය කර ඔහු එළියට දමා දොර වසා දැමුවාලු!