දිවුලපිටිය පින්නකැලේ වත්ත පදිංචි කාන්තාවක් පදික වේදිකාවේ ස්වීප් වෙළෙන්දකුගෙන් රුපියල් විස්සකට ලොතරැයි පතක් මිලදී ගත්තාය.
දිනුම් ඇදීමෙන් පසු ඇය රුපියල් දෙදහසක දිනුමක් හිමි බව පවසා තමා එය මිලදී ගත් වෙළෙන්දාට එම ටිකට්පත දී රුපියල් දෙදහසක් ඉල්ලා ගත්තාය.
ස්වීප් වෙළෙන්දා එම ටිකට් පත තම අලෙවි නියෝජිතයාට දී රුපියල් දෙදහසක් ඉල්ලාගෙන කාන්තාවට දුන්නේය.
එම ටිකට්පත පරීක්‍ෂා කළ අලෙවි නියෝජිත රෙමිල් තුෂාර මහතා එම ටිකට්පතට රුපියල් ලක්‍ෂයක මුදලක් හිමි බව දැන ඇය කැඳවා ඉතිරි රුපියල් අනූ අටදහසක මුදලද ඇයට පිරිනැමුවේය.
මේ අතර පදික වෙළෙන්දා අලෙවි නියෝජිතගෙන් ටිකට්පත නැවත ආපසු ඉල්ලා ඇතත් එයට කළයුතු සියල්ල සිදුකර හමාර යැයි ඔහු ස්වීප් වෙළෙන්දාට පවසා තිබේ.
රුපියල් ලක්‍ෂයේ දිනුම හිමිකර ගත් කාන්තාව සතුටු කඳුළු වගුරන්නීය.
Comments
Post a Comment