ගුණපාල තරමින් මෝඩ පහේ කෙනෙකු වුවද ඕනෑම වැඩක් කඩිනමින් කරන්නට දක්වන්නේ ඉතාම දක්ෂකමකි. පාසල් අධ්‍යාපනය ලබමින් සිටි ගුණපාල තම පන්තිභාර ගුරුවරියගේ යමි අවවාදයක් නිසා උරණවී පාසල් ගමන අතහැර තිවසට වී සිටිය් තම මවුපියන් දෙදෙනාගේ ද නා සතුට මැදය. මෙසේ නිවසට වී යහ විවත් සමග වෙල් ඉපනැල්ලේ කෙළි සෙල්ලම් කරන ගුණපාල තරමක දහයෙකු නිසාම රබර් කපා පවුල් රකිත ගුණපාලගේ පියා උදේ පාන්දරම ගුණාපාලට කථා කරගහ තමා වැඩ කරන වැඩපලට එක්කර ගෙන යන්නට පුරුදු වී සිටියේය.
ටික දවසක් සිය පියා සමඟ රබර් වැඩපලට යන ගුණපාල තාත්තාගේ රබර් ඇඹරිම් වැඩට ද උදව් වුණේ අකමැත්තෙකි. ටික දිනක් යද්දී පන්සලේ මුරදානය ගෙන යාමට තාත්තා සමග පන්සලට යන්නට ගුණපාල කැමැති වුණේය. දානය පූජා කිරීමෙන් පසු පන්සලේ නායක හාමුදුරුවන් ගුණපාලට කථාකර පාසල් කීවැනි පංතියේ දැයි විමසුෂවි හොදට ඉගෙන ගන්නවා ඇතැයි යන විශ්වාසයකි. ගුණපාල ඇඹරි ඇඹරි සිටින විට පියා ස්කෝලේ ගිහිල්ලා ඉවරයි. අපේ හාමුදුරුවත් කොලුවා ස්කෝලේ යන්න බැහැයි කියනවා හාමුදුරුවනේ කීය.
"එහෙනම් පිරිවෙනට එවන්න මම පොත්පත් ටික දෙන්නම්’ යැයි හාමුදුරුවෝ පැවසුහ. ගුණපාල පිරිවනට භාර දී ගත වුයේ ටික කලකි. ඉතා කීකරු ශිෂ්‍යයක් ලෙස ඉගෙනීම් කටයුතු කරන ගුණපාල පන්සල් වැඩ පල ද කරදුත්පත්ය. ටික කලක් ගත වන විට පන්සල් නායක හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම සඳහා සුදානම් කරමින් පැවතිණි. එදින මධ්‍යම රාත්‍රිය දක්වා බණ දේශනා හා විවිධ පින්කම් පැවැත්වුණු අතර පසු දින හීල්, දවාල සාංඝික දානය සඳහා කටයුතු යොදා තිබුණි.
මධ්‍යම රාත්‍රියේ පන්සල පිරිසුදු කරමින් සිටි ගුණපාල කාමරය තුළ බිම පැදුරු එළාගෙන නිදාගෙන සිටිය දී උද් අවදිවන්නටත් පෙර පිරිවෙත අසල නිවසක ලැගුම් ගත සිටි විශ්‍රාමික ගුරු යුවළක් වු අතර විශ්‍රාමික ගුරුවරයා කාමරයේ උළුවස්සට අත්හදාක තබා ගුණපාල නැගිටපත් මගේ බයිසිකලයෙන් ගිහින් මට ලික්ස් භාගයක් ගෙනත් දියන් යැයි කීවේය.
නිදිමතේ සිටි ගුණපාලට ම වදන් පෙළ ඇසුනේ ලීක්ස් නොව ග්‍රීස් යනුවෙනි. වහා පාපැදිය ගත් ගුණපාල එළිවෙන්නටත් පෙර පිටියේ කඩේ නමින් හැඳිවත නගරයේ වෙළඳ සලට කතාකොට ග්‍රීස් භාගයක් ඉල්ලා සිටියේය.
කඩේ ලියන මහත්තයා මොකටද උදේම ග්‍රීස්? " යනුවෙත් ඇසීය. ''පෙරේරා මහත්තයට '' ගුණපාල පැවසීය. ග්‍රීස් බෑගය බයිසිකලයේ එල්ලාගෙන නිවස දෙසට යද්දි ගුරු මහතාගේ බිරිඳ දානය සඳහා එළවට සූදානම් කරමින් සිටියාය. ගුණපාල ද බයිසිකලය නවතා ''මෙන්න නොනා'' කියා ග්‍රීස් මල්ල පෙරේරා නොන්නා අතට දුන්නේය. ගුණාපාලගේ නෝනා වැඩේ වැරදුණු බව දැන ගුණපාල අපේ මහත්තයා කීවේ ලීක්ස් ගන්න මොකටද මේ බටර්' යැයි ඇසුවාය. මට ගන්න කියපුවා තමයි මම ගෙනාවේ පෙරේරා නෝනා ග්‍රීස් තලියක් රැගෙන ගොස් පෙරේරා මහතාට ග්‍රීස් පාර්සලය දී මහත්තයෝ වෑංජනයට දාන්න ලීක්ස් ගේන්න කීවාම ගුණපාල බටර් ගෙනැල්ලා.
දානය පිළියෙළ කරමින් සිටි පිරිස අතර බටර් ග්‍රීස් අඳුනන අයකු නොසිටියෙන් අසල සිටි අයෙකුට කථාකර මෙ මොනවාදැයි ඇසීය.
"මේ මහත්තයෝ ග්‍රීස් මේවා මොකටද?”
ගුණපාලට මම කිවේ ලීක්ස් ගේන්න ගෙනැල්ලා තියෙන්නේ ග්‍රීස් යැයි ගුරු මහතා කීය.
Comments
Post a Comment