යතුරු පැදියේ ගමන් කිරීමේ දී ආරක්ෂිත හිස් වැසුම් තම ආරක්ෂාව පිණිස පළඳන ගමන් පොලිසිය දැක දඩයෙන් ගැළවීමට එය පැළඳීමට ගොස් අඹු සැමි යුවළක් අකරතැබ්බයකට පත් වූ පුවතකි මේ. සිද්ධිය වාර්තා වන්නේ ගල්කිරියාගම පොලිස් වසමට අයත් කහල්ල පල්ලකැලේ රක්ෂිත සීමාවේ පිහිටි ගම්මානයකි. අඹුසැමි යුවළ උදේ කාලයේ යුතුරු පැදියේ නැගී ගමනක් යාමට පිටත් වූහ. සැමියා යතුරුපැදිය පදවයි. බිරිඳ පිටුපස අසුය. දෙදෙනාම හෙල්මට් පැළඳ සිටිති.
වනාන්තර මැදින් යායුතු හුදිකළා වූ පාරක් නිසා සැමියා ටික දුරක් ගොස් හෙල්මටය ගලවා බිරිඳට දුන්නේය. බිරිඳ තම හෙල්මටය පැළඳ ඔහුගේ හෙල්මටය තම අත තබාගෙන සිටියාය. ටික දුරක් යන විට හමු වූ යතුරු පැදියක් ඉදිරියේ පොලිසියෙන් ඔවට සංඥා කළේය . පිටුපස අසුතේ වාඩි වී සිටී බිරිඳ කලබලයට පත්ව අත තිබූ හෙල්මටය සැමියාගේ හිසට දැමුවාය.නිමේෂයකින් ඉදිරියට ඇදී ගිය යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව අසල කාණුවකට පෙරළීමෙන් නැවතුණි. ඉදිරියෙන් පැමිණි වාහනයක පිරිසක් එය භවනා අනතුරට පත් දෙදෙනා කාණුවෙත් ගොඩට ගත්හ. යතුරු පැදියට ද හානි සිදුව ඇත. දෙදෙනාට ද තුවාලයි.
අනතුරට හේතුව පැමිණි පිරිස වීමසුහ. හමු වූ අයෙක් ඉදිරියේ පොලීසිය ඉන්නවා කියූ නිසා ඉස්සරහා පස මාරුකර හෙල්මටයක් බිරිද තමාගේ ඔලුවට දමන්නට යාමත් පාර නොපෙහී යතුරුපැදිය පෙරලුණු වග සැමියා පවසනවාත් සමගම එතෙක් හේතුව නොදැන සිටි බිරිඳට ඒ බව පසක් විය. පිහිටට ආ පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත් ඇය ගොලුවත රකිමිත් දෙදෙනාටම වූ තුවාල දෙසවත් හොබලා සැමියා හා යතුරුපැදියේ හැගී ඉන් තික්ම ගියාය.
Comments
Post a Comment