කුඩා කළ සිට ඇසුරු කළ අඹ යහලුවාගේ බිරිඳ සමග හොරෙන් පෙම් සුව විඳ තම දරුවන්ද අහිතක කොට ඇය සමග වෙනම පවුල් ජිවිතයක් ගත කිරීමට ගිය මිතුරකු පිළිබඳ හේවාහැට කොළඹිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ. එකම ගමේ අසල් වැසියන් වු මෙම දෙදෙනා වැලි කෙළියේ පටත් මිතුරන් වු අතර පාසලේද එකම පන්තියේ අකුරු කළහ. පාසල් අධ්‍යාපනය හිමා වී කල වයස පැමිණීමත් සමග දෙළඳනාම විවාහ වු අතර, දෙදෙනාගේ මිතුරුකම නිසා බිරින්දැවරු ද හොඳම මිතුරියෝ වුහ. කාලයත් සමග ඒ මිතුරෙකුට දරුවත් දෙදෙනෙකු ද අනෙක් මිතුරාට එක් දරුවකු ද සිටින අතර, විෂතාද ගමනක් ගියත් මේ තිවෙස්වල හෝ ඥාතීන්ගේ නිවසක තිබුණු කුම්භ හෝ දෙයකට හතර ළදනාම එකටම සහභාගි වීම කැපී පෙන දෙයක් විය. හදිසියේම එක් මිතුරකුට කොළඹ ප්‍රදේශයේ රැකියාවකට යාමට සිදුවුයෙන් අනෙක් මිතුරාට පැවසුවේ "මචං මං කොළඹ රස්සාවක් කරන්න යනවා. හදිසියක් වුණොත් දරුවන්ටයි ගැතිවයි උදවි කරපන්.”
"ඕක කියන්න දෙයක්ද? උඹ බය නැතුව කොළඹ පලයක් මම ඕන උදව්වක් කරන්නම්” මිතුරා පැවසීය. පොරොන්දු වූ පරිදි මිතුරා ද කොළඹ ගිය මිතුරාගේ නිවසේ සියලු දේට උදව් කරමින් කල් ගවු අතර, කාටත් හොරා දෙදෙනා අතර ප්‍රේමයක් හටගත්තේය. දෙදෙනාට දෙදෙනා නැතුවම බැරි මට්ටමකට පැමිණි නිසා කොළඹ ගිය මිතුරාගේ බිරිඳ ඇගේ ස්වාමියාට ලිපියක් ලියා තබා දෙදෙනාෂග්ම දරුවත් අමතකෂකාට ගමේ මිතුරාත් සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට යන බව පවසා දරුවන්ද නිවසේ දමා හාර රහසේම ගොස් ඇත. සිද්ධිය ආරංචි වු කොළඹ සිටි මිතුරා වහාම ගමට පැමිණ ගමි තති වූ මිතුරාගේ බිරිඳ සමග එකම ත්‍රිරෝද රථයේ නැගී ගලහ. පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට ගමට පැමිණ ඇත. එය තවත් ප්‍රේමයක ආරම්භයක්ද යන්න දැන් ගම අහුමුළුවල කවුරුත් කසු කුසු ගාමින් සිටී.
Comments
Post a Comment