gossiplanka image 1


තෙවැනි සංඥාව හෙවත් විධානය ලැබන්නට පෙර තනිවම ධාවන තරගයක යෙදුණු තරගකරුවකු සහෝදර සිසුන්ගේ උසුළු විසුලු මැද තරගයෙන් ඉවත්වීමේ සිද්ධියක් පසුගියදා පාසල් ක්‍රීඩා පිටියකින් වාර්තා විය. ක්‍රීඩාවට අකමැත්ත පළකළ පාසල් ඉහළ පත්තියක සිසුවෙකි. නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී නිවාස නායකයාගේ ඉල්ලීම මත මෙම සිසුවා මීටර් 400 ධාවන තරගයකට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කළේය.


තරගයට කැඳවිණි. සැරසත් එලවත් කියද්දි මේ තරගකරුවා දිව යන්නට සූදානම් වෙද්දී විනිශ්චය මණ්ඩලය ඔහු තවතා ගැනීමට කටයුතු කෂළ්ය. දෙවැනි වර නියමිත සංඥාව ලැඬන්නට පෙර ඔහු දුවන්හට පටත් ගත්පත්ය. ක්‍රීඩාපිටිය පුරා සිටි සියලු දෙනා එක සේ ඔල්වරසන් දෙති. කමෝත් කමෝන් කියති. ඔහු සිතුළ වි තමන්ගේ ධාවනයට සියල්ලතගේම හුරේ පළ වන බවයි. මීටර් 400 අවසන් වන්නට ආසන්නය. ඔහු පසුපස බැලීය. තරගකරුවත් කිසිවෙක් පළතන්නට  නැත. තමන් ඒ තරමට ඉදිරියට ගිය බවට ඔහු සිතේ මහත් සතුටක් ඇතිවුයේය.


ඔහු තරගය අවසාන කරද්දී සෙසු තරගකරුවන් පෙර සේ තරගයේ යෙදීමට සූදාගමිව සිටිනු දැකිය හැකි විය. සිදු වූ සියල්ල ඔහුට වැටහිණි. කරන්නට දෙයක් නැත. තමන්ගේ කලබලය හිසා හිරුගේ වටයක් තනිවම දිව ගොස් අවසන්ය. නියමිත පරිදි තරගය ආරම්භ වෙද්දී ඔහු ආයාසයෙන් තරගයේ යෙදුණේය. හිමි වුයේ අත්තිම තැනය. ෂල්ඩෝ කියත්ත ඉස්සෙල්ලා දිවිෂවාත් නම් මෙයා පළවෙනියා වෙත එක ස්ථිරයි කියා සහෝදර සිසුන් කියද්දි දැන් මේ සිසුවා ක්‍රීඩාපිටිය දෙසවත් ගොඩලා තරග කටයුතු වලින් ඉවත්ව සිටී.