gossiplanka image 1
 



වේලාව රාත්‍රී නවයට පමණය. වසා ඇති ආයතනයක්  ඉදිරියේ ආරක්‍ෂක නිලධාරියෙක්  රාජකාරීයේ යෙ දී සිටියේය. වේගයෙන් පැමිණි ත්‍රිරෝද රක රියදුරා "අංකල් චිකන් කොත්තුවක් තියෙනවා කන්නයි" පවසා පාර්සලයක් ආරක්‍ෂක නිලධාරියා අත තැබීය. " බොහොම ස්තූතියි" ආරක්‍ෂක නිලධාරියා කීය. ඔහු  රාත්‍රී ආහාරය ගෙන නොතිබිණි.කැමට  ආශාවක් ඇති වුවත්, නොහඳුනන ත්‍රිරෝද රථ රියදුරා ගැන ඔහුට සැකයක් ඇති  විය.


"ඕකේ මොනා දාල ද කව්ද දන්නේ" තමාටම කියාගත්  හෙතෙම කොත්තු රොටිය අඩංගු  බෑගය කුණු බඳුනට දැම්මේය. ප්ලේන්ටියක් සාදාගත් ඔහු දවාලේ ගෙනා බනිස් ගෙඩිය එහි ඔබා කන්නට වූයේය. කොත්තුව දුන් රියදුරාට ආරක්‍ෂක නිලධාරියා සේවයේ නියුතු ආයතනයට නුදුරින් පිහිටි ත්‍රිරෝද රථගාලේ මිතුරෙකු හමු විය.


"තාත්තා මැරිලා අදට අවුරුදු දොළහයි. රෑ තමයි මට මතක් වුණේ. ඉතින් මම විකන් කොත්තුවක් අරන්, රුපියල් දහකුත් බෑග් එකට දාලා අතත හිටපු සිකුරිටි අංකල්ට දුත්තා '' යැයි පැවසීය. ''මිහිහා හොඳ මනුස්සයා ” අනෙකා කීය. පසුදින ආරක්‍ෂක නිලධාරියා උදේ ආහාරය සඳහා හෝටලයට යනු දුටු රථගාලේ සිටි හිතවත් ත්‍රීරෝද රථ රියදුරා, ''ආ. ඊයේ රෑ වාසියි නේද? චිකත් කොත්තුවක් හම්බ වුණානේ  යි '' කීය.


"ඔවි. ඔව්” ආරක්‍ෂක නිලධාරියා කීය.

''මගේ යලුවෙක් තමයි දුන්නේ. රුපියල් දහකුත් බෑග් එකට දැම්මා කීවා " මිතුරා  පැවසීය.

'' මොනවා " යැයි පුදුමයෙන් පැවසූ ආරක්‍ෂක නිලධාරියා. එක හුස්මට කුණු බඳුන වෙත දිවගොස් කොත්තු පාර්සලය පරික්‍ෂා කිරීමේ දී රුපියල් දහස නිරුපද්‍රිතව එහි විය.