එහෙත් දෙදෙනා නිවසේ වාසය කරන්නේ කාමර දෙකකය. එම කාමර දෙක් තම තමන්ගේ ඇඇඳ අල්මාරිද අත්‍යවශ්‍ය බඩු භාණ්ඩද තබා ඇත.
දිනක් මධ්‍යම රාත්‍රියේ බිරිඳගේ කාමරය් පුටුවක පය පැටලභවාත් සමග අල්මාරියේ දොර ද ඇරගෙන හඬ යන්නමට ඇයට ඇසිණි.
''මොකක්ද මනුස්සයෝ මේ දෙගොඩ හරියේ එහෙමනේ යන්නේ නින්ද යන්නේ නැත්තම් රේඩියෝව දාලා පිරිත් ටිකක් අහනව. එතකොට නින්ද යයි" බිරිඳ එසේ කීවේ තම ස්වාමියා කාමරයට ඇවිත් යැයි යැයි සිතාගතය.
ටිකක වේලාවකින් සැමියාගේ කාමරයේද කවුදෝ පුටුවක වඳින හඬක් ඇසී ඔහුට ඇහැරිණි. අඩ අඳුරේ මේ ඡායාවක්ද එහා මෙහා වනු පෙනුණි. මොකෝ හාමිනේ ඉලත්තට්ටුව හොයන්න ආවයි. ඉලත්තටිටුවහොයා ගත්තත් අද බුලත් නැහැ යන්න නිදාගත්ත” යනුවෙන්ත් පැවසුවේ තම බිරිඳ කාමරයට ඇවිත් යැයි සිතාගගෙනය.
බිරිඳ වෙනදාට කාමරය ඉලන්තට්ටුව ගෙන ඒමට ඉඳ හිට ගියාය. ඇහැ ඇරුනොත් බුලත් විටක් කෑමෙ ඇගේ පුරුද්දය. පසුදා පහන් විය. දෙදෙනාම කාමරවල අල්මාරිවල දොරවල් විවෘතය. එහි තුළ තිබු රෙදි ද එක දෙක බිම වැටිලාය. විමසිල්ලෙන් බලන විට අල්මාරිවල ලාච්චුවල තිබු මුදල් හා රන් භාණ්ඩ කිසිත් නැත. එය ගණනින් ලක්‍ෂ 5කට අධිකය. එහෙනම් හාමිනේ ඊයේ රැ අපේ කාමරවලට ඇවිත් තියෙන්නේ හොරෙක්. අපි යමු දැක්ම පොලිසියට සැමියා කීය.
Comments
Post a Comment