මවගේ කාඞ් පතේ රහස්‍ය අංකය දැනසිටියේ පුතා සහ ලේලිය පමණි. දිනක් පුතා ඔහුගේ අත්‍යවශ්‍ය කටයුත්තකට රුපියල් දසදහසක් අවශ්‍ය බව මවට පැවසීය. මව තම බැංකු කාඞ්පත ඔහුට දුන්නාය.
තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට පසුගිය දිනෙක මව බැංකුවේ ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගෙන ඉතිරි මුදල පරීක්‍ෂා කිරීමේදී රුපියල් විසි දහසක් අඩු බව දැනගන්නට ලැබිණි.
මව ලුහුඬු ලදුපතක් යන්ත්‍රයෙන් ලබාගෙන පරීක්‍ෂා කළවිට දුටුවේ මුදල් ලබා ගැනීමට කාඞ් පත දුන් දිනයේ පුතා රුපියල් දස දහස වෙනුවට රුපියල් තිස් දහසක් ගෙන ඇති බවය.
මව බැංකුවට ගොස් තමාට බැංකු කාඞ් පතක් අවශ්‍ය නොවන බවත්, එය අවලංගු කරන ලෙසත් ඉල්ලා සිටියාය.
මේ පිළිබඳව පුතාට කිසිවක් නොකීමට ඇය වග බලා ගත්තාය. කොළඹට නුදුරු නගරයක සිදුවූවකි.
Comments
Post a Comment