gossiplanka image 1
  


ප්‍රභූවරයෙකුගෙන් රාජකාරියක් කර ගැනීමට ගිය අයෙකු නිවසේ පිවිසුම් දොරටුව ඉදිරියේ එළා තිබුණ ගම්බිරිස්  පැදුර පාපිස්සකැයි සිතා කටයුතු කරන්නට ගොස් මහත් අකරතැබ්බයකට මුහුණ දුන් සිද්ධියක් මෙසේ වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු එක්තරා රාජකාරියක් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳ අවබෝධයක් ඇති මෙම ප්‍රභූවරයා හමු වීමට දිනයක් හා වෙලාවක පවත් කරගෙන තිබිණ. නියමිත දින දහවල් 12.00ත් 1.00ත් අතර එම නිවසට එන ලෙස ප්‍රභූවරයා ඔහුට පවසා තිබිණි.


ඒ අනුව ඔහු නියමිත වෙලාවට එහි ගියේ මේ දිනවල එම ප්‍රදේශයට ඇති අධික අවිරශ්මිය සහිත කාලගුණය පැවති අවස්ථාවක වූයෙන් ඔහුගේ දැස් ඒ ගිනි ගහන අව්වත් නිලංකාර වී තිබිණි. නිවස ඉදිරිපිට යතුරු පැදිය භවතා ඉත් බැසගත් හෙතම එම නිවසට ඇතු ජිවන ප්‍රධාන දොරටුව වෙත යද්දී අලුත්ම පාපිස්සක් එළා තිබෙනු දුටුවේය. කිසිම පැකිලිමක් නැතිව කළු පැහැතිව තිබුණා එයට නැග පාවහන් වල තිබුණා වැලි දුවිලි ගසා දම්මින් දෙතුන් පාරක්ම දෙපා බිම ගසන්නට විය. එහෙත් ඔහුට අමුත්තක් දක්නට ලැබුණේ පාපිස්සේ තිබු කුඩා ඇට විශේෂයක් සීසීකඩ විසිර යනු දැකීමෙනි. පාපිස්සෙත් මැත්ව විපරම් කරන විට 'දෙයියෝ සාක්කි ගම්මිරිස් '' යැයි ඔහුට කියැවිණි. ගෙතුළ සිට ප්‍රභූවරයා එතැනට පැමිණ සිද්ධිය දැක කරුණ තේරුම්ගත් අතර දෙදෙනාම මහත් අකරතැබිබයකට මුහුණ දුන්හ.


'වරද මගේ අතේ  මම ඒක පිළිගන්නවා.   මගේ ඇස් පේන්නේම නැතිව ගියා ' යැයි අත් වැරදීම සිදු වු අය කියන්නට විය. ගම්මිරිස් වේලාගැනීමේදි ඒවා සතුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට ගහිමියා ගෙට ඇතුඵවන ස්ථානය මෙෂස් තෝරාගෙන තිබුණත් මෙවැනි දෙයක් සිදුවන බව ඔහුද තුන්හිතකින්වත් අපේක්‍ෂා නොකළේය. කරුණු වටහාගත් ඔහු  'ඔක ගණන් ගන්න ඒපා මේවාට කියන් අත් වැරැදි තවෙයි. පය වැරැදි' යැයි ගෙහිමියාට පැවසු දෙදෙනාම විසිර ගිය  ගම්මිරිස් ඇට එකතු කළ බව කියති.