දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකි. තේ වගාව ගමේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. සෑම පවුලකටම අඩුම තරමින් ළත් අක්කර බාගයකවත් ඇත. වගාවට අමතරව ඒ සෑම ඉඩම පොල් කිතුල් පුවක් ආදී අතුරු බෝග දී වගාකර ඇත. සෑම ගැමියකුටම ළත් දල් කැඩීමේ හැකියාව ඇත. එහෙත් කිතුල් මල් කැපීම එසේ සෑම දෙනාටම කළ හැකි දෙයක් නොවේ. කිතුල් ගස් හැර බැඳීම, සාම්ප්‍රදායික ෂහත් වර්ග ගල්වා කිතුල් මල සකස් කිරීම, ගසට නැග වී මත සිට මල කැපීම, තෙලිජ්ජ මු ගෙන බිමට බැසීම ආදිය ශාස්ත්‍රාහුකූලව සිඳුකළ යුතු දුෂ්කර මෙන්ම අනතුරුදායක කර්තව්‍යයකි. එම තිසාම මල් කැපීමට බොහෝ ගැමියෝ ඉදිරිපත් නොවෙති.
කෙසේ පවතත් මල් කැපීමට උපත් හපත්කම් ඇති කහකු ළදත්තකු සෑම ගමකම නැතුවා නොවේ. මේ ගමේ ද කිතුල් මල් කැපීමේ රුසියෙක් සිටීය. ගුණා නමින් ගැමියත් විසින් හඳුන්වනු ලැබූ මොහු කිතුල් ගස් නඟිත්තා සේම ඕනෑම පුද්ගලයකුළගේ කළහත් රිංගා යෑමට ද දක්වන්නේ අසීමිත දක්ෂතාවකි. ඕනෑම කෙනකු නමුළ වී හිස කසා යාදු බැල්මක් පෙන්වා නීන් නිතාවකින් සංග්‍රහ කළ ද මොහු දිය යටින් ගින්දර ගෙන යන්නකු බැව් ද බොහෝ දෙනා දැනගෙන සිටියහ.
ගමේ සිටින ප්‍රභූවරයකු වූ විශ්‍රාමික විදුහල්පතිවරයාට ගලම් අයට මෙත් අක්කර තුන හතරක පමණ විශාල ඉඩමක් තිබුණි. ඒ ඉඩමත් බාගයක පමණ වගාකර තිබුණු අතර තිෂවස පිහිටීයේ ද එම කොටස්ය. ඉඩමේ අළහක් බාගයේ කොස් දෙල් කිතුල් පුවක් ආදිය මෙන්ම පවතත් ගස්වලින් ද පිරි තිබුණු අතර එම කොටසට විදුහල්පතිවරයා යන්නේ ද එහෙමත් දවසකය. එය ද කොස් වාරෙට කොස් ගෙඩියක් කඩා ගැනීමට වැනි ළදයකටයි. එම ප්‍රදේශය හඳුන්වනු ලබළත් අරඹූ වශයෙනි. එහි ඉබේ හටගත් කිතුල් ගස් කීපයක් ද තිබූ නමුත් ඒවායේ මල් කැපීමට ගුණාට බාර දීමට විදුහල්පතිවරයා උනන්දු නොවූයේ ඔහුගේ සටකපටකම නිසාමය.
නිවසේ උත්සවයකට, දානමාන කටයුත්තකට පැණි එකක් හකුරු එකක් අවශ්‍ය විණි නම් ඔහු ඒවා මිලදී ගත් ගුණාගෙනි. ඉකුත් දිනක විදුහල්පතිතුමාගේ තිස් දාහමය පිංකමක් සූදානම් කර තිබූ නිසා ඊට අවශ්‍ය පැණි හකුරු ළගන වීමට ඔහු ගුණාගේ නිවසට ගියේය. විදුහල්පතිතුමාව ඉතා ගරුසරු ඇතිව ළදකට නැමි පිළිගත් ඔහු විදුහල්පතිවරයාගේ ඉල්ලීම අනුව කිළෝ තුක පමණ පැණි මුලක් ගෙනවිත් මේ සර් මේක නං නියම පැණි හකුරු මුල, ගහක මලකින් වැහිච්ච තලිවලින් තමයි උණුකොළළේ කියමින් දෑතින්ම පිරිනැමුවේය. සතුටට පත් විදුහල්පතිතුමා නියමිත මුදලටත් වඩා ගණනක් ඔහු අත තබා පැණි මුලුත් රැගෙන හනිකට ගෙදර ගියේය.
දානෙට පෙර දින සවස තවත් අසල්වැසි තරුණයකු සමඟ විදුහල්පතිතුමා හිවසට ඈතින් වූ අරඹට ගියේ පුවක් වල්ලක් කඩාගෙහ එමටය. එහිදී ඔවුන්ට දැක ගන්න ලැබුණේ ඉඩමේ කොණකට වෙන්නට වෙල අයිනේ තිබූ කිතුල් ගසක මලක් සාදා මුට්ටියක් ද එල්ලා ඇති බවයි. ඒම දසුන දැකීමෙත් විදුහල්පතිවරයාට යකා නැග්ගේය. තව ටිකක් ඒ අවට සෝදිසි කර බැලීමේදී දිගු කලක් ගමන් කිරීමත් සෑදී තිබූ අඩි පාරක් ද දැක ගන්නට ලැබිණ. එකත් එකටම මේක නම් අහවලාළග හොහොබිනා වැඩක් තමයි. මූ එළහහම් ඊෂය මට විකුණුව මගේම කිතුල පැණි” යි තමාටම කියාගත් විදුහල්පතිවරයා අඳුර වැටත තුරු තරුණයා ද සමග රැක සිට වගකිවයුත්තා අතටම අල්ලාගෙන අමතක නොවන පාඩමක් ඉගැන්නුවාලු.
Comments
Post a Comment