මතින් පදමී වී සිටි අයකු රාත්‍රියේ අසල තේ කඩයකට ගොඩවුයේ උණු තේ කෝප්පයක් බීමටය. තේ කඩයේ හිමිකාරිය මැදිවියේ කාන්තාවකි. ඔහු කඩයට ගොඩවන විට විදුලිය විසන්ධි වී තිබුණි. කඩය ආලෝකවත් කිරීමට යාන්තමට ඉටිපන්දමක් දල්වා තිබුණි. ඔහු කඩය හිමි කාන්තාව අමතා අක්ෂක් පැණි වළල්ලයි ටී යාරයයි' යැයි පවසා ඇත. කාන්තාව මුලින් පැණි වළල්ලක් දිසියක දමා ගෙනවිත් ළමිසය මත තබා පසුව කිරි තේ කෝප්පයක් ගතවිත් දී ඇත. ළත් පානය කළ තරුණයා අදාළ මුදල ගෙවා පිටව ගියේය. ඊට ටික වෙලාවකට පසුව විදුලිය ද ලැබී ඇත.
මේසය අස් කිරීමට පැමිණි කඩ හිමි කාන්තාව තමත් මදුරුවත් සඳහා දල්වා තිබු මදුරු දඟරය අතුරුදන් වී ඇති බව දැක අන්දුන් කුන්දුන් වුවාය. කෙසේ වෙතත් දීසිය මත ඉතිරිව තිබු පැණි වළල්ල දැක ඇයට කාරණය අවබෝධ වී තිබේ. තරුණයා පැණි වළල්ල බව සිතා මදුරු දගරය කා ඇති බව ඇයට අවබෝධ වී තිබේ. ඔහු රෝහල්ගත කර ඇති බව ඇයට පසුව දැන ගන්නට ලැබී ඇත.
Comments
Post a Comment