gossiplanka image 1
 




තම අනියම් සම්බන්ධය ගමේ  තරුණයන්ට හසුවීම නිසා බිරිදත් පාපැදියත් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් උතුරු මැද පළාතේ ගමකින් වාර්තාවේ. ඔහු ග්‍රාමීය සංවර්ධන  කටයුතු කරන සංවිධානයක සේවය කරන විවාහක දෙදරු  පියෙකි. වයසට වඩා කරුණකම පෙන්වමින් කාන්තාවන්ට මහත් ඇහෑලුම්කමක් පාමින් තම රාජකාරිය සිදුකරයි. විටෙක ඔහු මහත් හිරිහැරයක් බව කාන්තාවෝ පවසති. ගමේ කොල්ලන් බලා සිටින්නේ මේ අනංගයාට පාඩමක් උගන්වන්ටය.




කාලයක් යන විට ඔහු නම වැයික්කියේ කාන්තාවක සමග අනියම් සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණි. ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක යෙදෙන නිසා  නිතරම නිවස​ට එන්නේ නැත. ඒ නිසා මොහු රාජකාරි කරන  මුවාවෙන් එම නිවසට නිකරම යයි. මේ සම්බන්ධය ගැන බිරිඳටද ඉව වැටී තිබුණි. බිරිඳ මේ ගැන නිතරම සෙවිල්ලෙන් පසුවූවාය. දිනක් රාත්‍රි කාලයේදී ඔහු බිරිඳට පවසා ඇත්තේ "අද කුඹුරට වතුර හරවන්න යන්න ඕනෑ" යනුවෙනි. බිරිඳ පවසා ඇත්තේ මෝටර් බයිසිකලයෙන් යන ලෙසය.  ̋නැහැ බයික් එකේ යන්න බැහැ. බයිසි කලේ දාන්න තැනක් නැහැ. අනෙක හොරුත් ඉන්නවනෙ " යනුවෙන් පැවසූ ඔහු කම පාපැදියෙන් ගියේය.




කුඹුරට වතුර හැරවිල්ල පැත්තක දමා අනියම් ඇසුරක් පවත්වන කාන්තාවගේ නිව​ස දෙසට හිමින් හිමින් යන ඔහු ගැන සෙවිල්ලෙන් සිටි ගමේ කොල්ලෝ කීපදෙනෙක්ද ඔහු පසුපස ගියහ. ඔහු හොර පූසකු මෙන් වටපිට බලා නම පාපැදිය අසල අකුලක සඟවා කාන්තාවගේ නිවසට රිංගා ගත්තේය. පසුව තරුණයෝ පිරිස එකතු වී හිමින් සීරුවේ පාපැදිය රැගෙන විත්  අසල වගා ළිඳට දමා හිමිහිට මාරුවූහ. ටික වේලාවකින් පැමිණි බලන විට තම පාපැදිය නොමැති බව දැනගත් ඔහුට හීන්දාඩිය දැම්මේය. අහන්න කෙනෙකුන් නැත. බයිසිකලය හොයන්න ගියොත් සියල්ල හෙළිවන නිසා එම අදහස අත්හැර දමා හිමින් හිමින් කැලෑ පාරකින් නිවස බලා එන විට ගමේ කරුණයකු හමුවී ඇත.




" මහත්මයා මොකද මේ රෑ  පයින්ම යන්නෙ?"


'' බලන්න මල්ලි මම කුඹුරට ගියා වතුර හරවන්න එනකොට බයිසිකල් එක නැහැනේ.


සිද්ධිය දන්නා කරුණයාගේ මුවඟට මද සිනහවක් නැගුණ අතර තරුණයා ඔහු නිවසටම ඇරලුවේය.



පසුදින උදෑසන බයිසිකලය ගැන බිරිඳ අහන්න පෙර ඔහු පවසා ඇත්තේ '' බලන්නකෝ ඊයේ රෑ ඇළ නියර උඩ නතර කරල තිබුණ ඛයිසිකලය කවුද කඩප්පුලියෙක් අරන් ගිහිල්ලනේ? යනුවෙන් පවසා ඇත. ඔහුගේ තරම දන්නා බිරිඳ මුවින් නොබැන නිහඬ වූවාය. ටික දිනක් ගිය පසු උදෑසන බිරිඳ දැක ඇන්නේ සැමියාගේ බයිසිකලය ගේට්ටුවට හේත්තු කර ගොස් ඇති බවය. පසුව බලන විට ඒ සමග ලිපියක් ද විය. එහි සඳහන්ව තිබුණේ 'මහත්තයාගේ බයිසි කලේ රෑට ඇවිදින්න යනවා නෝනා. අනේ පුළුවන්නම් රෑට බැඳල තියාගන්න. මහත්තයාටත් ඒ දේම කරන්න පුළුවන් නම් ලොකු දෙයක්” යනුවෙන් සඳහන් කර ඇත.




එදා බිරිඳට හොඳටම තරහ ගොස් තල් අත්තට බොරලු ගසන්නා සේ තම ස්වාමියාට හොඳටම බැන වැදි දරුවන්  දෙදෙනාද රැගෙන තම මහ ගෙදර බලා ගියාය. ඒ මදිවාට ඔහු තම රාජකාරී ප්‍රදේශයට යා නොහැකිව දැන් නිවසට වී කල් මරනවාලු.