පදම වැරදුණ වැලිතලප පාර්සලයක් නිසා මහත් අකරතැබ්බකට පත් වූ තරුණයකු පිළිබඳ පුවතක් නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තාවේ. සිද්ධිය මෙසේය. තරුණයාගේ අසල්වැසි නැන්දා කෙයකුගේ නිවසට පැමිණි ඥාති සොයුරකු සමග මිත්‍ර වන්නේ ඔවුන්ද නොසිතූ ලෙසය. මිතුරන් දෙදෙනා නිතර දුරකථනයෙන්ද හමුවෙති. ඔවුන්ගේ මිතු දම වසරක් පමණ මෙසේ ගලායද්දී, දිනක් තම මිතුරා හදිසි අනතුරකින් මියගිය පුවත තරුණයාට සැලවෙන්නේ අසල්වැසි නැන්දා ගෙනි. මහත් ශෝකයට පත් තරුණය එ සැනින්ම මිතුරාගේ නිවසට යන්න්නේද හැඩු කඳුළෙනි. මිතුරාගේ සමුගැනීම තරුණයාට මහත් වේදනාවක් විය.
තරුණයා මළගම නිම වනතුරුම මිතුරාගේ නිවසේ රැඳී සිටිමින් තම මිතුරා වෙනුවෙන් තම යුතුකම් කොටසද නොපිරිහෙලා ඉටු කළේය.
අනතුරුව මළගමේ ආදාහන කටයුතු නිමවා තරණයා ආපසු නිවසට පැමිණියේ මිතුරාගේ සත්දින දානයටද පැමිණෙන බව ඔහුගේ මවුපියන්ට සහ ඥාතීන්ටද පවසයි. නිවසට පැමිණි තරුණයා අතුරාගේ සත්දින දානය සඳහා රැගෙන යායුතු දෑ ගැන කල්පනා කළේය. ඒ අනුව තම මවට කියා රසකැවිදිලිද සාදවා ගැනීමටද තරුණයා තීරණය කළේය.
" අම්මේ දානේ ගෙදරට ගෙනියන්න වැලිතලප ටිකක් හදලා දෙනවද " තරණයා සිය මවට කීවේය. ඒ අනුව මව මහත් භක්තියෙන් නියමිත දිනට වැලිතලප සකස් කළාය. එහෙත් යම් හේතුවකින් එහි පදම වැරදිමක් සිදුව පාර්සල් කිරීමේ ගැටලුවක්ද පැන නැගිණි.
තරමක් කල්පනා කළ තරුණයා රස කැවිල්ල පොඩි නොවී රැගෙන යාම සඳහා නිවසේ තිබු පැරැණි වීදුරු ඇසුරුම් පෙට්ටියක් තෝරා ගෙන, ඒ තුළ ආරක්ෂා සහිතව වැලිතලප ටික ඇසුරු යට මවගේ ද සහය ඇතිවය. පසුව තරුණයා එය දර්ශනිය ලෙස වෙනත් කොළයකද දවටා, යතුරුපැදියේ ඉදිපස තබාගෙන සෙසු රැගෙන යා යායුතු දේවල්ද රැගෙන මිතුරාගේ නිවස බලා පිටත් වූයේ දානය පිංකමට සහභාගී වීම සඳහාය. තරුණයා, මිතුරාගේ නිවසට ගොස් තමා රැගෙන ආ වැලිතලප පාර්සලය මිතුරාගේ මවගේ අතටම දුන්නේය. මිතුරාගේ මව විය මහත් භක්තියෙන් ගෙන ගෙතුළට ගියාය. තරුණයා තාමට හැකි උපරිමයෙන් දානයේ කටයුතුද සිදුකර දානය නිමවීමට පෙර ආපසු නිවසට පැමිණියේ වෙනත් හදිසි අවශ්‍යතාවක් තිබු බැවිනි.
දින, සති ගෙවී මාසයක් පමණ ගතවෙද්දී අසල්වැසි නැද්දා දිනක් තරුණයා සමග මහ මගදී කථාවට වැටිණි. හැන්දා තම සොයුරාගේද තරණයා තම මිතුරාගේද අකල් මරණය පිළිබඳව මහත් සංඝ වේගයෙන් කතා බහකරන්නට විය.
"එදා මහත්තයා ගෙනා විදුරු පෙට්ටිය අපි පංසලට පුජා කළා. මල්ලීට පිං සිද්ධ වෙන්න "
"අසල්වැසි නැන්දා එසේ කියද්දී තරුණයට දවල් තරු පෙනුණි. පසුව තරුණයා අසල්වැසි හන්දාව සිදු වුණ දෙය පවසුවේ කනගාටුව පළකරමිනි.
''අප්පච්චියේ'' කියමින් අසල්වැසි නැන්දා හිස අත තබා ගත්තාය. පසුව තරණයා වී සැනින්ම නගරයට ගොස් එවැනිම වටිනා විදුර පෙට්ටියක් ගෙන විත් අසල්වැසි හන්දාද සමඟ පන්සලට ගොස් විය පුජා කර අත්වැරදීමකින් සිදු වූ දෙය සමාවද අයැද තම මිතුරාට පින් අනුමෝදන් කර ආපසු ආවේලු.
Comments
Post a Comment