සේවකයකුට කථා කළ ඇය මේ මැස්සෝ දෙන්නව මරලා දාන්නකෝ. මුන් මගේ කටෙත් වහනවා යැයි පැවසුවාය. උන්ව මරන්න මට වෙලාවක් නැහැ මිස්. මට අතුගාන්නයි, ඔෆීස් එක ශුද්ධ කරන්නයි තියෙනවා ඔහු කීය. ස්වල්ප වේලාවක් කල්පනා කළ ඇය ඔය මැස්සෝ දෙන්නව මරනවාට මම රුපියල් පන්සීයක් දෙනවායි පැවසුවාය.
මවිතයට පත් සේවකයා ඇතුගෑම නවත්වා මැස්සන් දෙදෙනා ඇල්ලීමට උත්සුක විය. විනාඩි දහකින් එක් මැස්සෙක් ඇල්ලූ සේවකයා ඌ පොලොවේ ගසා මරා දැමීය. තවත් විනාඩි කිහිපයකදී ඔහු අනෙකාද මරා දැමුවේය. මැරුණු මැස්සන් දෙදෙනා නිලධාරිනියට පෙන්වූ විට ඇය ඔහු අමතා මට කඬේකින් හිස් බිලක් ගෙන්නැයි කීවාය.
හඳුනන වෙළඳසලකින් හිස් බිලක් ගත් සේවකයා එය නිලධාරිනියට දුන්නේය. ඇය හිස් බිල රැගෙන වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශක බෝතල් දෙකක නම එහි සඳහන් කර බිලේ වටිනාකම රුපියල් දහසක් යනුවෙන් කළාය. ලාච්චුවෙන් රුපියල් දහසක් ගත් ඇය සේවකයාට රුපියල් පන්සීයක් දී අනෙක් පන්සීය තම මුදල් පසුම්බියට දමා ගත්
Comments
Post a Comment