බස් රථයේදී හදසියේ හාද වූ යුවතිය නිසා තරුණයකුගේ මුදල් පසුම්බියට තට්ටු වූ පුවතක් පසුගියදා වාර්තා විය. එය රාත්‍රි පුර ගමින් බස් රථයකි. දුර පළාතක සේවය කරන මැදි වයස් තරුණයෙකි. නිවාඩු ලැබීමෙන් අනතුරුව තම ගම බලා යාමට තරුණයා බස් රථයේ ආසනයක් කලින්ම වෙන්කර ගැනීම පුරුද්දක් කර ගත්තේ මඟීන් වැඩිවන නිසාය. අප කතා නායක තරුණයා මෙදිනද ඔහු දුරකතන ඇමතුමක් මගින් ආසනයක් පවත් කරවාගත් අතර ඔස් රථය පිටත්වීමට විනාඩි කිහිපයකට පෙර බස් නැවතුම්පොළට ගියේය. බස් රථයද මඟීන්ගෙන් පිරී තිබූ නමුත් ඔහුගේ ආසනය පමණක් තිස්ව තිබුණි. බස් රථය ගමන ඇරඹුවේය.
'අප කතානායක ද සුව පහසු ලෙස තම ආසනයේ වාඩිවී සිටීය. මද වේලාවක් ගතවය. බස් රථයේ මඟීන්ද තින්දට වැටී සිටී අතර තරුණයා ද නින්දට වැටුණි. ඔහු උරතිස ප්‍රදේශයට තරමක් බර ගතියක් දැනීමත් සමගම අවදි වූයේය. ඔහුගේ ඇස් යොමු වූයේ කුමක් නිසා උරහිස ප්‍රදේශය බර වූයේ දැයි දැන ගැනීමටය. හැඩකාර තරුණියක් තම ආසන්තයේ සිටිහු දුටුවේ විවිටය. බස් රථයට ගොඩවූ අවස්ථාවේ තමාට ඇය දර්ශනය නොවීම පිළිබඳ මොහොතක් කල්පනා කළේය. එම කල්පනාව අතරතුරම උරහිසට බරවී සිටි තරුණියද අවදි වූවාය. තරුණායාද ඇය දෙස බලා ප්‍රියමනාප සිනාවක් පෑ අතර තරුණියද පෙරළා සිනාවකින්ම ඔහුට සංග්‍රහ කළාය.
නොබෝ වේලාවක් ගතවීය. ඔවුන් දෙදෙනා ඉතා මිත්‍රශීලී අන්දමින් කථාහ කරමින් තම තමන්ගේ විස්තර හුවමාරු කර ගත්හ. ඒ අතර තරුණියෂගත් දුරකතන අංකය සොයගැනීමට විමසු විට තමාට දුරකථනයක් නොමැති බව ඇය කීවාය. ඉන්පසු තරුණයාගේ දුරකථන අංකය කුමක්දැයි විමසුවේය. එවිට තරුණයා තම බෑගයට අත දමා මුදල් පසුම්බිය ගෙන විසින් කොළ කැබැල්ලක් ගෙන දුරකතන අංකය ලියා නැවත පසුම්බි ගෙයට දමා ගත්පත්ය. අංකය ද තරුණිය අත තැබීය. ටික දුරක් යනවිට දෙදෙනාම නැවත නින්දට වැටුණි.
එක් වරම බස්රථයේ කොන්දොස්තර බසය ගමනාන්තයට පැමිණ ඇති බව ශබ්ද නගා කීවේය. තරුණයාද තිගැස්සී නැගිට අසල සිටි තරුණිය ගැන සවූ මුත් ඇය දක්නට නොවීය. ෂි.... අපරාදේ තමාටම කියා ගනිමින් බසයෙන් බැස බෑගයට අත දමා මුදල් පසුම්බිය සෙව්වත් පසුම්බිය බෑගය තුළ නොවිය. එම අවස්ථාවේදී ඔහුට දෙවියන් සිහිවිය. එක් වරම ඔහුට සිදුවී ඇති ඳේ පිළිබඳව සිහියට හැගුණි. ඒ බස් රථයේදී හාද වුණු තරුණිය තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවය.
Comments
Post a Comment