gossiplanka image 1
 


බිරිඳගේ අනියම් සැමියා තම නිවසේ  සිටින බවට ලැබුණු තොරතුරකට අනුව රාජකාරියට නිවාඩු දමා නිවසට ගිය සැමියකු අනියම් සැමියාට යළි නොඑන්නට පාඩමක්  ඉගැන්වීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා පෙදෙසකින්  වාර්තාවේ. සිද්ධිය මෙසේය.සැමියා රැකියාවට යන  අතරතුර බිරිඳ අනියම් සැමියකු නිවසට ගෙන්වා  ගන්නා බවට සැමියාට නිතර නිතර නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණි. මෙදිනද සැමියා තම කාර්යාලයේ රාජකාරි කරමින් සිටියේය. ඔහු තම බිරිඳගේ අනියම් සබඳතාව ගැන සොයා බලන ලෙස බාර දී තිබූ මිතුරාගෙන් හදිසි ඇමතුමක් ලැබුණි.


"හරි මචං ඔන්න දැන් පොර ආවා උඹලගේ ගෙදර"


හොඳ පාඩමක් ඉගැන්වීමට සිතූ සැමියා හදිසියේ තමාට අසනීප බවට නිවාඩුවක් දමා ත්‍රිරෝද රථයකින් නිවස්ට ගියේය. නිවසේ දොරකඩ තිබූ පිරිමි පාවහන් යුගලින් පිටස්තරයකු නිවස තුළ සිටින බව ඔහු අවබෝධ කර ගත්තේය. ත්‍රිරෝද හඬ ඇසී බිරිද වහා ඉදිරිපස දොර විවෘත කරගෙන එළියට ආවේ මහත් කලබලයෙනි. සැමියා හදිසියේ පැමිණීමෙන් අන්ද මන්ද වූ බිරිඳ ඒ බවක් නොඅඟවා සැමියා අසලට මහත් කලබලයෙන් දිව ගියේ සැමියාට අසනීප තත්ත්වයක් ඇති බවක් දැනීමෙනි. ඇයි බබා මොකද මොකද ඔයාට සනීප නැද්ද" බිරිඳ මහත් දුකෙන් ඇසුවාය."නෑ... නෑ. ලොකු අමාරුවක් නෑ බබා පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා.


සැමියා නැති අමාරුවක් ආරූඪ කරගෙන කොර ගසමින් නිවසට ඇතුළු වූයේය. ඇඳුම් ද මාරු නොකරම ඇඳට වැටුන සැමියාට ඇද යට කිසිවකු සිටින බව දැනුණි. හොඳ පාඩමක් උගන්වන අටියෙන් සැමියා රෝගියකු ලෙසම ඇඳටම වී සිටියේලු.


''බබා අපි යමු ඩොක්ටර් ළඟට ගිහින් ඛෙහෙත් ටිකක් අරත් එමු'' බිරිඳ සැමියාට ඇවිට්ලි කළේය. බබා මගේ මේ කකුලේ තැල්මක් තියෙන්නේ උණුවතුර ටිකක් ගෙනල්ලා කකුල ටිකක් තවලා බලමු අඩුවෙයි. ගේන්න කෝ හොඳ රස්නෙට උණු වතුර එකක්.


සැමියා එසේ කියනවාත් සමග කුස්සියට දිවගිය බිරිඳ සැනෙකින් දුම් දමන උණුවතුර ජෝගුවක් සහ රෙදිකඩක්ද රැගෙන කාමරයට ආවාය. බිරිඳ සැමියාගේ කකුල තැවීමට සූදානම් වූවාය. වහා ක්‍රියාත්මක වූ සැමියා දුම් දමන උණු වතුර ජෝගුව ඇඳ යටට විසිකළේය. ඇඳ යට සිටි අනියම් සැමියා 'අම්මෝ කියාගෙන ඇඳ යටින් එළියට පැන දිව ගියේය. "මෙන්න හොරෙක්... හොරෙක්... ”කියමින් බිරිඳ කෑගසන්නට වූවාය.


"මෙන්න හෙරක් හෙරක්" සැමියාද කෑගැසීය. එළියේ දමා ගොස් තිබූ අනියම් සැමියාගේ පාවහන් යුගලින් ඔහු කවුද යන්න සැමියා හඳුනා ගත්තේලු.