සිද්ධිය මෙසේය.
පාසල් මිතුරියන් දෙදෙනෙකි. ඔවුහු එකම ගමේ වෙසෙති. එක් මිතුරියක් අනෙක් මිතුරියගේ නිවසට නිරන්තර යෑමට ඒමට වුයේ පොතපත පාඩම් කිරීම සඳහා බව කියා ගෙනය.
තම තරුණ දියණිය මිතුරියගේ නිවසට ගොස් අඳුර වැටීගෙන එන විට පොත පතද රැගෙන නිවසට පැමිණෙන විට ඇගේ හැසිරීම සහ මුහුණේ ඇති වෙනස පිළිබඳව දැරියගේ පියාට මහත් සැකයක් ඇති විය. මිතුරියගේ නිවසේ පිරිමි දරුවන්ද නොමැති නිසා මෙතෙක් සැකයක් නොවුනද මේ ගැන සොයා බැලිය යුතු බව පියා කල්පනා කළේය.
මෙදිනද තම දියණිය අඳුරු වැටී තිබුණද නිවසට නොපැමිණි අතර මෙය අවස්ථාවක් කරගත් පියා මිතුරියගේ නිවසට ගොස් ඇත. කිසිවකුට නොඇසෙන සේ මිතුරියන් සිටින කාමරයේ ජනේලයෙන් කාමරය පිරික්සූ පියාට දවල් තරු පෙනී ඇත.
මිතුරියන් දෙදෙනා පරිගණකයක් මගින් අශෝබන වීඩියෝ දර්ශන නරඹමින් සිටිනු දැක කෝපාවිශිෂ්ඨ වූ පියා පොල්ලක් ගෙන ජනේලයට පහර දී ඇත. කැඩුණු වීදුරු අතරින් පියා දුටු මිතුරියෝ මහත් කලබලයට පත්වූහ. ඇසුණ ශබ්දය කුමක්දැයි බැලීමට නිවසේ පියාද කාමරයේ දොර ළඟට පැමිණියේය.
කලබලයට පත් මිතුරියෝ දෙදෙනා දොර ළඟ සිටි පියාද පෙරළාගෙන අසල වූ කැලයට දිව ගියහ. කැලයේ තිබූ බොරලු කැපු වළකට අඬ අඳුරේම මිතුරියන් දෙදෙනා ඇද වැටීමෙන් දෙදෙනාගේම පාද බිඳී රෝහල් ගත කිරීමට සිදුව ඇත.
දොර ළඟ ඇද වැටුණ නිවැසි පියාගේද පාදයක් බිඳි යාමෙන් ප්‍රතිකාර කිරීමට සිදුවී ඇත.
Comments
Post a Comment