gossiplanka image 1
මාවතගම වෙළෙඳ සැලකින් බඩු මිලදී ගන්නට පැමිණි කාන්තාවකගේ බඩු මල්ලට බලෙන් රිංගා සිටි බල කරෝලයාට මුදලාලි කෝටුපාරක් දී ආපසු කඩේටම කැඳවාගෙන ඒමේ සත්‍ය සිදුවීමක් මාවතගමින් වාර්තාවෙයි.



එදින ඉරිදා දිනයක් නිසාම එම වෙළෙඳ සලේ බඩුමිලදී ගැනීමට ආ පිරිස වැඩිවී තිබුණි.



ඒ නිසාම එහි සේවකයන්ට ද ඉස්පාසුවක් තිබුණේම නැත. 



මුදලාලි බිල් ලියමින් එම භාණ්‍ඩවල ලේඛනය සේවකයන්ට කියවන්නට විය. බඩු මිලදී ගෙන යන්නෝද ගැනීමට එන්නෝද ඒ අතර වූහ.



මුදලාලි​ එක් කාන්තාවක් තමා මිලදී ගත් බඩු මල්ල අමාරුවෙන් ඔසවාගෙන යන ආකාරය දෙස ඇස යොමු කළේ බිල ලියනගමන්මය.

මල්ලෙන් එළියට තිබූ කරෝල කූරියා දෙසට මුදලාලිගේ ඇස යොමු වූයේය. ඇය කරෝලයකු මිලදී නොගත් බව මුදලාලිට සිහිවන්නට වැඩිවෙලාවක් ගතවූයේ නැත. පුටුවෙන් නැගී සිටි මුදලාලි කඩයේ තිබූ කරෝල ගොඩ දෙස බැලුවේය.



එහි තිබු ලොකුම බල කරෝලයා දක්නට නොවීය. මුදලාලිට ගණදෙවි නුවණ පහළ විය. කඩේ බල්ලන් එළවීම සඳහා පුටුව අසල තබා තිබූ වේවැල රැගෙන කාන්තාව පසු පස හඹා ගිය මුදලාලි.



කරෝළයෝ උඹ මටත් හොරෙන් නෝනගෙ මල්ලට පැන්නා නේද කැතයි කැතයි... කරෝලයාගේ වලිගයෙන් උස්සා කෝටු පහර දෙකක් දුන් මුදලාලි කාන්තාව දෙසවත් නොබලා කරෝලයා රැගෙන කඩේට ගොඩවිය.



කාන්තාව විලියෙන් ඇඹරෙන්නට වුයේ මහ මග යන එන අය මේ සිදුවීම දුටුවාද යන සැකයෙනි.