දැන ගැනීමට ලැබුණු පරිදි ඇය 21 වැනි වියේ පසුවන්නියෙකි. ‘ෆේස්බුක්’ හරහා ඇය තිස් වැනි වියේ පමණ පසුවන තරුණයකු හඳුනාගෙන තිබේ. මේ මිත්‍රත්වය ප්‍රේම සම්බන්ධයක් දක්වා වර්ධනය විය. දුරකතනවලින් පෙම් කළද මුහුණට මුහුණ හමුවී කතාබහ කිරීමට තවත් ටික කලක් ගතව තිබේ.
ඒ අවස්ථාවද උදාකර ගත් දෙදෙනා දැක හඳුනාගත් දිනට පසුදිනම ඔහු ඇයව සිය නිවසට කැඳවාගෙන ගොස් සාදයක්ද පවත්වා ඥාති මිත්‍රාදීන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහ කර ඇත.
එහෙත් මනාලියට මනාලයා සමග මදු සමය ගත කිරීමට ලැබී ඇත්තේ එක් රැයකි. පසුදින ඇයට ඇගේ නිවසට යාමට සිදුව ඇත. මනාලයාද සේවයට වාර්තා කිරීමට ගොස් ඇත. යළි ඔහු ගැන තොරතුරක් ඇයට දැන ගැනීමට ලැබී නැත. ඔහුගේ ජංගම දුරකථනයද ගොළු වී තිබේ.
Comments
Post a Comment