gossiplanka image 1
 මාළු කද කරේ තබාගෙන ගෙයින් ගෙට ගොස් වෙළෙඳාමේ යෙදීම මාළු වෙළෙන්දාගේ සිරිතය. ගෘහණියද අලුත් මාළු මිලදී ගැනීමට ඔහු එනතුරු බලා සිටියාය. ලොකු මාළු මිලදී ගන්නා සමහර ගෘහනියෝ වෙළෙන්දාටම කියා ඒවා කෑලිවලට කපා ගත්හ.



දිනක් මාළු වෙළෙන්දා වෙනදා මෙන් මාළු කද කරේ තබාගෙන පැමිණියේය. බලමාළු ග්‍රෑම් පන්සීයක් මිලදී ගත් කාන්තාවක්  එය කපා දෙන ලෙසට වෙළෙන්දාගෙන් ඉල්ලා සිටියාය. මාළු කදට පිටුපා ලෑල්ලක් මත බල මාළු කෑල්ල තැබූ ඔහු එය කැපීමට පටන් ගත්තේය. 



වෙළෙන්දාට පිටුපසින් කාන්තාව සිටගත් අතර ඇයගේ බළලා වේගයෙන් එතැනට දිව ආවේය. ග්‍රෑම් හාරසීයයක් පමණ බරැති මාළු කූරියෙක් මාළු කදෙන් සොරාගත් කාන්තාව එය බළලාට දුන්නාය. මාළු කූරියා රැගත් බළලා ගෙතුලට දිව ගියේය. නිවසේ සිටි තවත් කාන්තාවක් බළලාගෙන් මාළු කූරියා උදුරාගෙන ඇතිලියකට දැමුවාය.



කොළඹ නගරයේ සිදුවීමකි.