සිද්ධිය සැකෙවින් මෙසේය.
වැඩ අවසන් නොකළ මාර්ගයකට පිවිසි තරුණයෝ පිරිසක් යතුරුපැදි ධාවන පුහුණුවක යෙදී සිටියහ. ඒ අතරේ සිටි තරුණයෙක් වේගයෙන් තම යතුරුපැදිය පැදගොස් එක් වරම එහි ඉදිරිපස රෝදය ඉහළට උස්සමින් සර්කස් පෙන්වමින් සිට ඇත. මෙය දුටු මග තොටේ යන අය විමතියට පත්වෙද්දී ඔහුගේ හැකියාව ගැන මිතුරෝ සතුටට පත්වූහ.
එහෙත් වැඩි වේලාවක් මෙලෙස ඔහුට සර්කස් පෙන්වීමට හැකිවී නැත. මහ පාරේ එක්වරම ලිස්සා ගිය යතුරුපැදිය ඔහුත් සමග ඒ අසල වෙළෙකට වැටීම නිසා තුවාල ලබා තිබේ.
පසුව මිතුරෝ එක්ව වහා ඔහු ගොඩට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගත්හ. මෙය දුටු ප්‍රදේශවාසීන් “ළමයිනේ මේක හොඳ පාඩමක්. පාර තියෙන්නේ රේස් යන්නවත්, සර්කස් පෙන්වන්නවත් නෙවෙයි. හොඳ වෙලාවට ලොකු අනතුරක් නෑ. අතක් කකුලක් කැඩුන නම් ජීවිත කාලයම දුක්විඳින්න වෙනවා නේද?” යැයි ඔහු සමග සිටි අයට කියා ඇත.
මේ පාරේ මේ වගේ අනතුරු කලිනුත් වෙලා තියෙනවා. රේස් ගිය අය පොලිසියෙනුත් අල්ල ගත්තා. අනෙක මෙහෙම ගියාම පාරේ යන අනෙක් අයටත් කරදරයි නේද කියලා හිතන්න යැයි කියා ඇත.
(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
Comments
Post a Comment