චිස් හොරා යයි සැක කෙරෙන පුද්ගලයා විදා ද වෙළෙඳසලට ආවේය. වෙළෙඳසල් හිමියාගේ දෙනෙත ඔහු වෙත ගියේ මේ පුද්ගලයාට හොරෙන්ය. මේ පුද්ගලයා වට පිට බලා විස් පෙට්ටියක් කළිසම් සාක්කුවේ දමා ගත්තේය. ඉන් අනතුරුව වෙළෙඳසලන් තවත් පාරිභෝගික භාණ්ඩ කිහිපයක්ද මිලදී ගෙන වෙළෙඳ සල් තිබු කූඩයක දමාගත් ඔහු ඊළඟට ගියේ ගත් භාණ්ඩවල මිල ගෙවා දැමීමටය. මේ සියල්ලම වෙළෙඳසල් හිමියා බලා සිටියේය. වෙළෙඳසල් හිමියා කිසිවක් නොදන්නා මෙත් කුඩයේ තිබු භාණ්ඩවල මිල යන්ත්‍රයේ සටහන් කළේය. මහත්තයා ගත්ත බඩු එච්චරයි වෙළෙඳසල් හිමියා ඔහුගෙන් ඇසුවේය.
'' හා ඔව් ඔව් ඇයි ඇයි " යයි ඔහු ඇසු විට වෙළෙඳසල් හිමියා එහෙනම් මහත්තයා ඔයා හොරෙන් කලිසම් සාක්කුවට දමාගත් චීස් පෙටිට්ටිය ගන්නකෝ " යි වෙළඳසල් හිමියා කී විට ඔහු ලැජ්ජාවෙන් වෙව්ලන්නට විය. ඒ සැණින් ඔහු අල්ලා ගත් වෙළෙඳසල් හිමියා වෙළෙඳ සල් තිබු කාඩ්බෝඩ් පෙටිටියක් කඩා එහි තිබු මාකර් පෙන් එකකින් " මම විස් හොරා ගත්තා '' යයි කාඩ්බෝඩ් එක් ලියා වෙළෙඳ සලන්ම සොයා ගත් ගෝනි තුලක්ද ගෙත එම කාඩ්බෝඩ් එක් දෙපැත්තෙන් විද ඔහුගේ ගෙලේ දමා ප්‍රදර්ශනය කිරීමට සලස්වා එම අවස්ථාව ඡායාරූපයටද නගා ඔහුට නිවසට යන්න ඉඩ හැරියේය.
''චීස් හොරා '' යනුවෙන් වෙළෙඳසල් හිමියා සිය කාර්ය එතැනිත් නතර නො කළේය. ඔහු චීස් හොරකම් කළ කෙනා '' මම චීස් හාරා '' යයි බෝඩ් එකක් එල්ලා ගෙන සිටියදි ගත් ඡායාරූපය වර්ණ රසායනාගාරයකට ගොස් ඉතා විශාල කර සිය වෙළෙඳසල් ඉදිරිපිට ප්‍රදර්ශනය සඳහා එල්ලා තැබු වේය. වෙළෙඳසල් හිමියා ගත් මේ පියවරත් සමඟම එම වෙළෙඳසලේ මෙතෙක් සිදු වූ අල්ලා ගැනීමට නොහැකිව තිබු ලොකු ලොකු හොරකම් මෙන්ම පොඩි පොඩි හොරකම් ද නතර විය.
Comments
Post a Comment