gossiplanka image 1
 හරමානිස් සීයා ජීවත් වුණේ ඈත පිටිසර ගමකය. දිනෙක තේ කෝප්පයක් බීමේ අවශ්‍යතාවක් ඇතිවූ ඔහු ගමේ කෝපි කඬේට ගොඩ වුණේය. ගැමියෝ කීප දෙනෙක්ද කඬේ වූහ. තේ කෝප්පය තොල ගාමින් සිටියදී පැරැණි මිතුරකු වන ජෝන් මාමාද කඩයට ගොඩවුණේය. ජෝන් තේකක් බොමු හරමානිස් සීයා යෝජනා කළේය. මගේ මුලු සරුවාංගෙම තේකක් නෙ. ඉතිං මොටද බං අමුතුවෙන් තේ. ජෝන් මාමා පිළිතුරු දුන්නේය.


මොකක්ද බං ඒ හරුපෙ?


ඇයි බං මගේ දණහිසෙ වතුර, බඬේ ගින්දර, හිතේ කහට. ඒ මදිවට ඇඟපුරාම සීනි. ඉතිං අහවල් එකටයැ අමුතුවෙන් තේ. ජෝන් මාමාගේ කතාවට කෝපි කඬේ සියල්ලෝම කොක්හඬලා සිනාසුණහ.
(ප්‍රියන්ත අසුරමාන)