ඉන් පසුවද මේ ගැන කිසිවකු සොයා නොබැලුවත් පසුගියදා ඉඩම් හිමියා රාජකාරි සඳහා ගොස් සිටි අවස්ථාවක බිරිඳ දුරකථන ඇමතුමකින් කීවේ නිලධාරියකු පැමිණ පොල්ගස් තුනක් මැරීම සඳහා බේත් එන්නත් කරන බවය.
වහා ඉඩමට ආ ඔහුට දෙවියන් සිහි වූයේ කිසිදු රෝගයක් නැතැයි සැලකූ සරු සාර ගස් තුනක්ම මරා දැමීමට කටයුතු කර ඇති හෙයිනි.
මෙය වැරදීමක් බව ඔහු නිලධාරියාට කීවත් නිලධාරියා දිගින් දිගටම තර්ක කළද පසුව හේතුසාධක විමසීමේදී මේ තමාගේම නම ඇති අසල් වැසියකුගේ ඉඩමක් පටලවා ගෙන මෙහි පැමිණි බව තහවුරු විය.
අවසානයේදී නිලධාරියා සමාව ඉල්ලුවත් ඉඩම් හිමියා ඊට එකඟ නොවූ අතර ගස් තුන සඳහා වන්දි මුදල් හා නිරෝගී පොල් පැළ තුනක් දීමේ එකඟතාව ඇතිවත් ඔහුගේ
රැකියාවට මෙය බලපාන නිසාත් කටයුතු සමථයකට පත්කර ගත්තාලු.
Comments
Post a Comment