දිගු ගමනක් යාමට ඇති නිසාදෝ වාඩි වී සිටි කිසිවෙක් ඇයට ආසනයක් නොදී නිදි කිරන්නට වූහ. බසයේ පසුපස සිටි කොන්දොස්තරටද ඇය ඇස ගැටුණේ නැත.
මෙය දුටු ඉදිරිපස අසුනේ සිටි ස්වාමීන් වහන්සේ නමක් වහා නැගිට සිය ආසනය ඇයට දුන්නත් එහි වාඩිවීමට ඇය මැලි වූවාය. එහෙත් හිමි නමගේ නැගිටීම හා ප්‍රකාශය ඇසුණු කීප දෙනකුම එකවර නැගිට සිය ආසන ඇයට පිරි නැමීමට සුදානම් වූ අතර ඇය එක් ආසනයක වාඩි වූයේ නාහිමි නමට දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරමිනි.
ඇය කතෝලික කාන්තාවක බවද පසුව අනාවරණය වුනාලු.
Comments
Post a Comment