නිවසේ භාවිතයට තිබුණේ එක් යතුරක් පමණක් හෙයින් පවුලේ අය පමණක් දන්නා රහසිගත ස්ථානයක යතුරු සඟවා තැබීම කලක් තිසේ සිදු කෙරිණ. නිවසේ තත්ත්වය දන්නා දෙදෙනෙක් මේ පියා නිවසින් පිටත් වනු දැක තම ආම්පන්න ද රැගෙන ආවේ මිදුලේ පසෙක සවි කොට තිබු වතුර මෝටරය ගලවා ගැනීමටය. වතුර මෝටරය ගැලවීමට සූදානම්වත්ම එහි සඟවා තිබූ යතුරක් දුටු එක් අයෙක් මෙය නොඅනුමානවම නිවසේ යතුර බව හැඳිනගෙන ගේ විවෘත කොට එහි අල්මාරිවල වූ බඩු හා මිල මුදල් ද රැගෙන යතුර එම ස්ථානයේම සඟවා ගොස් තිබිණ. ගෙදරට මුලින්ම ආ ලොකු පුතා යතුර ගෙන දොර විවෘත කළ පසු සිදු වී ඇති වින්නැහිය දැක දැන් ගෙදර හැමෝටම දෙහි කපනවාලු.
Comments
Post a Comment