සිද්ධිය මෙසේය.
සැමියා හා බිරිය යතුරුපැදියකින් ගමනක් යාමට සූදානම් වූහ. පවතින තත්ත්වය නිසා දෙදෙනාම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අවනතව මුව ආවරණ පැළඳ ගත්හ. අතුරු මාවත් නිසා ටික දුරක් ගිය සැමියා මුව ආවරණය නිකට ආවරණයක් බවට පත් කළේය.
යතුරුපැදිය මහ මඟ නැවැත්වූ සැමියා සාක්කුවේ තිබූ බීඩියක් එළියට ගෙන දල්වා ගත්තේය.
ඉන් අනතුරුව බිරිය පිටුපස අසුනේ වාඩි වී සිටියදී සැමියා යතුරුපැදිය පදවන්නට වූයේ බීඩියේ ආතල් එකද විඳිමිනි.
ඉදිරියට යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් පිටුපසින් එන අයුරු ඔහුගේ නෙත ගැටුණි.
වහා බීඩිය වීසිකර හෙල්මටය අතරින් නිකටට තබා තිබූ මුව ආවරණය පළඳා ඔහු සුපුරුදු ගමන යමින් සිටියේය.
නිමේෂයකින් බිරිය විලාප දුන්නේ ඇයගේ සිල්ක් සාරිය පිච්චෙන බව පවසමින්ය.
වහා යතුරුපැදිය නැවැත්වූ සැමියා සාරිය පරීක්ෂා කිරීමේදී එය ගිනි ගන්නා බව දැක වහා නිවා දැමීය. ඒ වනවිටත් සාරිය පමණක් නොව යට සායේ කොටසක් ද පිළිස්සී තිබුණි.
පොලිසියෙන් බේරෙන්නට වීසි කළ බීඩි කොටය වීසි නොවී සාරියේ පැටලීමෙන් මෙම විපැත්තිය සිදුවී ඇති බව වටහා ගත් බිරියට එතැන් සිට යක්ෂයා ආරූඪ වුණාලු.
Comments
Post a Comment