නිවසට පැමිණෙමින් සිටි බිරිඳ අතරමගදීම සිය රන්මාලය ගලවා කඩදාසි කැබැල්ලක ඔතා ගත්තේ වැඩි ආරක්ෂාවටය. නිවසට පැමිණි වහාම ඇය තමන් අත වූ පාර්සලය සැමියා අත තබා අනේ මේක පරිස්සමට තියන්නැයි කීවාය. බිරිය දුන් කුඩා පාර්සලය දුටු ඔහු එය මංගල කේක් කැබැල්ලකැයි සිතා ශීතකරණයේ තැබුවේ පහසුව පිණිසය.
සැමියාගෙන් ඒ ගැන විමසීමට ඇයට අමතකවිය. ඇයට තමන්ගේ රන් මාලය සිහි වූයේ පසු දා උදේය. ‘අනේ මගේ මාලේ කෝ දෙන්න'යි ඇය සැමියාගෙන් ඉල්ලා සිටියාය. වික්ෂිප්ත වු සැමියා මොන මාලයක් දැයි ඇසුවේ තරහිනි. දිපු මාලයක් නෑ තමුසෙට තියපු තැනක මතක නැතිව ඇති මං එක්ක උදේම නාඩගමක් අල්ලන්න හදනව ද' ඔහු වැඩිදුරටත් කීය. බිරියද අතහැරියේ නැත. සැමියා හා එකට එකම කීවාය. මේ රණ්ඩුව අඩ පැයක් පමණ පැවතිණි. ටික වේලාවක් මූණ එල්ලා ගෙන සිටි බිරිය ‛ඇයි මනුස්සයෝ මං තමුසෙගෙ අතට ඊයේ හවස දීපු පාර්සලේ කෝ’ යළි විමසුවාය. ආ වෙඩින්කේක් කෑල්ල ද ඒක නම් මම ෆ්‍රිජ් එකේ දැම්මා' සැමියා පිළිතුරු දුන්නේය.
‘ඇයි දෙයියනේ ඒකේ තිබුණේ වෙඩිං කේක් කැල්ලක් යැ. මගේ මාලෙනේ' කී බිරිය ශීතකරණය ඇර මාලය අතට ගෙන පරික්ෂා කර බැලුවේය. ‘හත් දෙයියනේ තමුසෙ මඟුල් ගෙවල්වල ගියාම කේක් කෑලි හත අටක් අරන් එනවනෙ මං හිතුවේ එහෙම නේ' කී සැමියා හීන් සීරුවේ නිවෙසෙන් එළියට බැස්සේ යළි රණ්ඩුවක් ඇවිලීම වළක්වා ගනු පිණිසය.
කරුණාදාස සපුතන්ත්‍රි - නිකදළුපොත.
Comments
Post a Comment