ළමයා සමග සිටි කාන්තාව දුටු ඔහු ඔය නෝනා තෙරපෙන්නෙ නැතුව පස්සට යනවද? දරුවටත් කරදරයිනෙ. ඒ කීම පිළිගත් ඇය අමාරුවෙන් වුවත් පස්සට ගොස් නැවතත් අසීරුවෙන් රථය මැද්දට ආවාය.
‘ඇයි නෝනා ආයෙත් ඉස්සරහට එන්නෙ. වද දෙන්නෙ නැතුව පස්සට යන්නකො.’ ‘පස්සට තමයි මම ගියේ ඒ වුණත් චිත්‍රපටි බලන්න මට බෑ. අපි අාවේ බස්වල යන්න. නැතුව මේ විකාර බලන්න නොවෙයි.’
ඇයගේ කතාවෙන් පුදුම වූ කොන්දොස්තර තැන පිටුපස බැලීමේදී තරුණ ජෝඩුවක් පසුපස අසුනේ මුල්ලකට වී පෙම්සුව විඳින අයුරු දැක සිනාසෙමින් ඉදිරියට අාවේ ‘කලබල වෙන්න එපා නෝනා ඕව ඉතිං සාමාන්‍ය දේවල්’ යැයි කියමිනි.
මේ දර්ශනය දුටු කටකාර තරුණයෙක්ද ‘නෝනට බලන්න හොඳ නැති වෙයි මගේ හිතේ පොඩි දරුවෙක් ඉන්න නිසා වැඩිහිටියන්ට පමණක් නිසා අහක බලාගෙන යමු නෝනා.’
මේ කතාව ඇසුණ පෙම්වතුන් යුවළ අන්ද මන්ද වී උන්හිටිතැන්ද අමතකව සෙනඟ අතරින් ඉදිරියට ඇදී ඊළඟ නැවතුමේ දී බැස ගියේ කාගේත් උසුළු විසුළු සිනාහඬ මැදය.
Comments
Post a Comment