gossiplanka image 1
 දිවා කාලයේ වසා දමා තිබූ නිවෙසක ගෙවත්තට ඇතුළුවූ පුද්ගලයකු එම නිවෙස සිය නැන්දණියකගේ යැයි අසල්වාසීන්ට පවසා කොස් ගෙඩිද කඩාගෙන මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙකද රැගෙන ගිය පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් පසුගියදා අසන්නට ලැබිණි එදින නිවෙස වසා දමා එහි නිවැසියන් අවශ්‍යතාවකට බැහැරට ගොස් තිබිණි. ඒ අතර වත්තට ඇතුළු වූ පුද්ගලයකු කෙක්කක්ද අතැතිව එම වත්තේ එහා මෙහා ඇවිද යනු අසල්වාසී කාන්තාවකට දැක ගන්නට ලැබී ඇත. ත්‍රිරෝද රථයක්ද ඒ අසල නවතා තිබි ඇත.


නිවැසියන් නැති අවස්ථාවක  නාඳුනන කෙනෙකු එම වත්තේ සිටීම පිළිබඳව සැක සිතූ ඇය මොනවද ඔය කවුරුවත් නැති වෙලාවෙ ඇවිත් කරන්නේ ? " යැයි ඔහුගෙන් විමසුවාය.


එවිට ඔහු කියා ඇත්තේ “ආ..... ඒ අපේ නැන්දා කෙනෙක් නේ, මම නැන්දට කියල ආවෙ කොස් ගෙඩියක් කඩා ගන්නව කියල, ඔයාට ඕන්නම් එයාට කෝල් එකක් දීල බලන්න" යැයි පවසා  ඇත. වත්තට ද කොස් ගෙඩියක් දමා ගොස් ඇත.


සවස එම අසල්වාසීන් පැමිණ බලද්දි මුළුතැන්ගෙයි දොර කඩා එහි තිබූ ගෑස් ටැංකි දෙක කිසිවකු විසින් ගෙන ගොස් ඇති බව දැන ගන්නට ලැබී ඇති අතර ඔවුන් දිව ගොස් අසල්වාසී කාන්තාව සමඟ ඒ බව කියද්දී කොස් කැඩීමට පැමිණි බොරු නෑයා තමා අන්දවා ඇති බව වැටහී හිසේ අත ගසා ගත්තාලු.