gossiplanka image 1
br />


ඔහු රජයේ ප්‍රධාන පරිපාලන කාර්යාලයක අංශ ප්‍රධානියෙකි. නිතරම සිහින දැකීමට කැමති ඔහු ඉදහිට දවල් සිහිනද දකින්නේය. මේ අතර ඉකුත් දිනෙක ඔහු කාර්යාලයට පැමිණියේ ඛෙල්ල සාක්කුවේ දමාගෙනය. ඒ තරමටම බෙල්ල කෙලින් තබා ගන්නට බැරිවිය. බෙල්ල කොර වෙලාය. ඔහු වටකරගත් මිතුරෝ බෙල්ල කොරවීමට හේතු විමසන්නට වූහ. වැටුණාද කියා සමහරුන් ඇසූ අතර මිතුරියන් ඇසුවේ ඇයි මොකද ඊයේ රෑ නෝනා ගැහුවද? නැත්නම් හීන ලෝකෙදි කවුරුවත් ගැහුවාද? යනුවෙනි. එසේ ඇසුවේ ඔහු නිතරම සිහින දකින අයෙකු බව දන්නා නිසාය.


සැබැවින්ම බෙල්ල කොරවීමට හේතුව ඔහු මිතුරන්ට හෙළි කළේය." මම ඊයේ රෑ අපූරු හීනයක් දැක්කා. ඒකෙ ප්‍රතිපලය තමයි මේ. මම උදේ වැඩට එන්න බස් හෝල්ට් එකේ ඉන්න කොට පාරෙන් එහා පැත්තේ තරුණ ගෑනු ළමයෙක් හිටියා. ටික වෙලාවක් බලා ඉන්න කොට මට ඔළුවෙන් අඬ ගැහුවා. හෝල්ට් එකෙත් කව්රුවත් හිටියේ නැති නිසා මම පාර  මාරුවෙලා ඒ පැත්තට ගියා.


එහෙම යනකොට හරියට පාර මැදදී මාව කාර් එකක හැප්පුණා. ඒ එක්කම මම ගිහිල්ල ළඟ තිබුණ තාප්පෙක වැදුණා. එතකොට මට ඇහැරුණා. මගේ ඔළුව වැදිල  තියෙන්නේ තාප්පෙක නෙවෙයි බිත්තියේ. පස්සේ මම නැගිටින කොට තමයි දැනුනෙ බෙල්ල කොරවෙලා."


" කාර් එකක හැපිලා බෙල්ල කොර වෙල බේරුණා ඇති. එතකොට අර ගෑනු ළමය ළඟට ආවද බලන්න. මොකක්ද හැපුන කාර් එක. " මිතුරන්ගෙන් ප්‍රශ්න වැලකි.


සියලු ප්‍රශ්න වලට ඔහු දුන්නේ එක පිළිතුරකි."මට මතක විදියට හැපුණේ පරණ මොරිස් මයිනර් එකක. ඒත් බෙල්ල  කොර වුණත් මට ඒ වගේ කෑල්ලක් තවම හමුවෙලා නැහැ."


“එහෙනම් අද රෑට එයා ඒවි උඹට මොකද වුණේ කියල බලන්න " මිතුරෝ කීහ.