රූපවාහිනියේ වූයේ වැඩිහිටියන්ට පමණක් වූ ඉංග්‍රීසි චිත්‍රපටියකි. අර තරුණයා ඉතාම උද් යෝගයෙන් සතුටින් එය නරඹන අතර නළු නිළි යුවළක් සිප වැළඳගන්නට වූයේ ඔහුගේ සිතුවිලි අවුස්සමිනි.
‘නියම සීන් එක මාරයි මාරයි. කියමින් ඔහු මිරිකන්නට වූයේ අසල සිටි කාන්තාවගේ කකුලය. බියවී අවදිවූ ඇය මේ මොකද යකෝ මේ මිනිහට පිස්සු හැදිලද’යි කියමින් අසුනින් නැගී තම කුඩයෙන් ඔහුට පහර දෙමින් ඉවතට ගියේ අන් අයද පුදුමයට පත් කරවමිනි. කොන්දොස්තර තැන ළඟට ආවේ වැඩේ බරපතළ වූ නිසාය.
‘අනේ කොන්දොස්තර මහත්තයා වැරැදියට හිතන්න එපා. අර ටී වී එකේ නියම ආතල් සීන් එකක් ගියා ඒකයි ඒ අක්කට තරහ ගියේ. ගෙදරදිත් මම එහෙමයි. කුඩ පහරවලද වේදනා විඳිමින් ඔහු නිදහසට කරුණු කියන්නට වූයේය.
‘ගෙදරදී ගත්ත ආතල් බස් එකේ බෑ තේරුණාද? මේක දෙනෝ දාහක් යන එකක්. තමුසෙලට කුඩෙන් ගහල විතරක් මදි. ගහන්න ඕන දෙකේ හතරෙ පොල්ලකින්’ කොන්දොස්තරගේ ගෝරනාඩුව අතරින් තරුණයාට කර කියා ගත හැකි දෙයක් නැතිව ඊළඟ නැවතුමෙන් බැස ගියේ සියලු මගීන්ගේ සිනා හඬ උසුලු විසුලු අතරිනුයි.
Comments
Post a Comment