එක්තරා කාන්තාවක පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සිය ස්වාමිපුරුෂයා අතුරුදන්ව ඇති බවත්, නිවසින් පිටව ගිය ඔහු මුහුදු වෙරළට ගොස් වීඩියෝ දුරකථන ඇමතුමක් ලබාගෙන මුහුදට පැන දිවි නසාගන්නා බව පවසා තිබේ.
ඒ අනුව ඔවුන් මුහුදු වෙරළේ තිබී ඔහුගේ පාවහන් යුගලද සොයාගත් බව සඳහන් කර ඇත.
පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර මුහුදු වෙරළ නිරීක්ෂණය කර තිබේ.
කෙසේ වුවද එදින රාත්‍රි යුවළ නැවත පොලිසියට පැමිණ සඳහන් කර ඇත්තේ, මිතුරන් සමඟ විනෝද ගමනක් ගොස් ඇති බවත් පවුලේ අයවලුන් නොමග යැවීම සඳහා මෙසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවත්ය.
ඒ අනුව පැමිණිල්ල ඉවත් කරගැනීමට අදාල කාන්තාව අවසර ඉල්ලා සිටීමෙන් පසු, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැඩි ලෙස අවවාද කර යුවළ පිටත්කර යවා ඇත.
Comments
Post a Comment