කඩිමුඩියේ එම වෙළෙඳ සලට පැමිණි පාරිභෝගිකයෙක් බඩු කිරන ස්ථානයට ගොස් ඒ වන විටත් කිරා බෑග්වල අසුරා තිබූ සහල් කිලෝ පහක් රැගෙන මුදල් ගෙවන කවුන්ටරය අසලට පැමිණ මුදල් ගෙවීමට සූදානම් වූයේය.
එවිට මුදල් අයකැමිවරිය කීවේ ‘‘මහත්තයා, හාල් කිලෝ පහක් විතරක් බිල් කරන්න බෑ, තව මොනව හරි ගන්න වෙනව” යනුවෙනි.
එවිට මහත්තයා ගොස් දුඹුරු සීනි කිලෝවක් කිරවාගෙන පැමිණ අයකැමිවරියට දුන්නේය. එවිට “සීනි නෙවෙයි මහත්තයා, වෙන දෙයක් ගන්න වෙනවා” ය කීවාය.
යළිත් හැරී ගිය මහත්තයා “පරිප්පු ග්‍රෑම් 500ක්” කිරවාගෙන පැමිණියේය.
එවිට අයකැමිවරිය සිදුවූ අපහසුතාව පිළිබඳව මහත්තයාට සිය කනගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ “මෙහෙමයි සර්, මේ වර්ග තුන විතරක් බිල් කරන්න එපා කියල තියෙන්නෙ, සර්ට අමතරව වෙන මොනව හරි ගන්න වෙනවා”
මහත්තයා තම මුදල් පසුම්බිය විවෘත කර බැලුවේය. මේවාට වැඩි යමක් ගැනීමට ප්‍රමාණවත් මුදලක් එහි නොවීය.
පාරිභෝගිකයා පත්ව ඇති අසීරුතාව තේරුම් ගත් අයකැමිවරිය “මොනව හරි සුළු දෙයක් ගත්තත් ඇති සර්” යනුවෙන් කීවාය.
එවිට ඔහු “එහෙනම් මට ගිනි පෙට්ටියක් දෙන්න” යැයි කීවේය.
සතුටට පත් අයකැමිවරිය එම බඩු වර්ග හතරට බිල්පත ලබාදී මුදල් රැගෙන, සිදු වූ අපහසුතාව ගැන යළිත් කනගාටුව ප්‍රකාශ කොට ‘මේවා අපි දාපු කොන්දේසි නෙවෙයි සර්’ යනුවෙන් ද කීවා ලු.
Comments
Post a Comment