තරුණයාද කොළඹ සිට මධ්‍යම පළාතට ගියේය. මුදල් ලබාගත් ගුරුමෑණියෝ නූලක් කරට දමා තඹ කොළයක් දී ‘සති දෙකකින් ගෑනු ළමයා ඔයා ළඟට එයි.’ කීවාය. මාසයක් ගතවිය. පෙම්වතිය නොපැමිණියාය. ඔහු නැවත ගුරු මෑණියන් දේවාලේදී හමුවිය.
‘‘බලගතු වශියක් කරන්න වෙනවා. ඒකට රුපියල් හතළිස් පන්දාහක් ඕනේ.’’ ඒ ගුරු මෑණියෝය.‘‘දැන්නම් සල්ලි නැහැ’’ තරුණයා පැවසීය. ‘එහෙනම් ගෙදර ගිහිල්ලා, හතළිස් පන්දාහක් මගේ ගිණුමට දාලා, මට කෝල් කරන්න. දැන් පඬුරක් තියලා යන්න.’’ ඇය පැවසුවාය.
ඔහු රුපියල් පන්සියයක් බුලත් කොළ මත තැබීය. ඔහුට තෙල් කුප්පියක් සහ මුහුදු වැලි ටිකක් ලැබිණි.‘‘වැලි ගෑනු ළමයාට පෑගෙන්න දාන්න. තෙල් ටිකක් එයා වාඩිවෙන තැනක ගාන්න. සල්ලි දාන්නෙ නැතිව මේවා කරන්න එපා. ප්‍රතිඵලයක් නැහැ.’’ මෑණියන් පැවසුවාය.
තරුණයාගේ කතාව ඇසූ මිතුරෙක් ‘‘උඹලට තියෙන්නේ තවම හණමිටි අදහස්. පිස්සුද ඔච්චර සල්ලි දෙන්න. මෝඩයෙක් වෙන්න එපා. මම උඹට කෙල්ලව යාළු කරලා දෙන්නම්’’ යැයි පැවසීය.
Comments
Post a Comment