මෙසේ මාසයක් ගතවිය. දිනපතා හිස් අතින් පැමිණෙන කුස්සි අම්මා මලු පුරවාගෙන ආපසු යෑම ආරක්ෂක නිලධාරියාට ගැටලුවකි. දිනක් ඇය මලු දෙක පුරවාගෙන යතුරු පැදිය අසලට පැමිණියාය. දුරකතන ඇමැතුමක් ලද ඇය මලු දෙක බිම තබා නිවස තුළට පිවිසියාය.
ආරක්ෂක නිලධාරියා ක්ෂණිකව මලු දෙක පරීක්ෂා කළවිට දුටුවේ කිරිපිටි, සීනි, සහල්, බටර් යනාදිය එහි ඇති බවය. හෙතෙම තම ස්මාර්ට් දුරකතනයෙන් ඒවා ඡායාරූප ගත කළේය. ඇය පැමිණ මලුද රැගෙන පිටව ගියාය. ආරක්ෂක නිලධාරියා තම ප්‍රධානියාට ඡායාරූප ‘වට්ස් ඇප්’ කළේය. ප්‍රධානියා විදේශිකයා දැනුවත් කළ අතර ඔහු ආරක්ෂක නිලධාරියාට ස්තුති කර කුස්සි අම්මා නැවත මලු රැගෙන යනවිට තමාට දන්වන්නැයි පැවසීය. පසු දිනද කුස්සි අම්මා මලු දෙක පුරවාගෙන පැමිණියාය.‘‘මිස් මොනාද මේ?’’ ආරක්ෂක නිලධාරියා විමසීය.
‘‘තමුසෙ මට මිස් කිව්වා නේද හෙට තමුසෙව අස් කරනවා’’ ඇය කෝපයෙන් පැවසුවාය. ‘‘ඒවා හඳේ’’ යැයි පැවසූ ආරක්ෂක නිලධාරියා විදේශිකයා ඉදිරියේ මළු පරීක්ෂා කළේය. විදේශීය මත්පැන්, දුම්වැටි, පැස්ටා පැකට් මලු තුළ විය. කොළඹ නගරයේ සිදුවූවකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
Comments
Post a Comment