ලක්ෂ 150ක් පමණ වටිනා දේපළ විකිණීම සඳහා ඉරිදා පුවත්පතක මෙම දැන්වීම පළ කර ඇති අතර ඒ අනුව දුරකථන ඇමතුම් රාශියක් ලැබී ඇත.
ඒ අතරින් කතා කළ එක් පුද්ගලයකු පවසා ඇත්තේ “මහත්තයා, මම මේ කතා කරන්නෙ මැදවච්චිය පැත්තෙන්, අපේ තාත්තා ගල් වළක් කරන කෙනෙක්. තාත්තට පහුගිය දවසක ඒ වළේ තිබිල කාසි මුට්ටියක් හම්බ වුණා. ඒකෙ රන්කාසි කිලෝ හතක් තිබුණා. අපි ඒ කාසියක් ටවුමෙ රත්තරන් බඩු කඩේකට ගෙනිහිල්ල පරීක්ෂා කරල බැලුවා. එක කාසියක් රුපියල් දහතුන් දාහක් විතර වටිනවා කිව්වා.”
බොහොම බය පක්ෂපාතී හඬකින් එසේ කතාව කියාගෙන එන විට දේපළ හිමිකරුට අවබෝධවී ඇත්තේ මේ පුද්ගලයා තමාව ඇන්දවීමට සැරසෙන බවයි.
‘‘මේ...., ඔය වගේ රන් කාසි ගනුදෙනුවලට අහුවෙලා අමාරුවෙ වැටුණු අය ගැන අපි මාධ්‍යවලින් ඕන තරම් දැකල තියෙනව, කෝටි කීයක් වටිනව වුණත් මට නම් ඔය රන් කාසි එපා.” කියමින් ඔහු දුරකථනය විසන්ධි කර ඇත.
Comments
Post a Comment