gossiplanka image 1
  

 

දරුවන් හතර දෙනකු වැදු හැත්තෑ වියේ පසුවෙන මවට තුන් වෙවේලට ආහාර සපයන්නේ එක දියණියක් පමණි. ඇය තම ශ්‍රමය යොදා උපයන මුදලින් මවට සත්කාර කරයි. දෙදෙනාම කුලී නිවසක වෙසෙයි. වසරකට පෙර මාතලේ නගරය ආසන්නයේ නිවෙසකට මවත් දුවත් පදිංචියට පැමිණියහ. ප්‍රමාණවත් ආර්ථීක ශක්තියක් නොමැති නිසා ඇය විදේශ රටක රැකියාවකට යාමට සුදානම් වුවාය. රට රැකියාවට යන දිනය ළංවිය. ඇයගේ මව අකුරු ලියන්න නොදනී. දැනුම අඩුය. ඇය නිවෙස හිමිකාරිය අසලට ගියාය.


" අක්කේ මම රට රැකියාවකට යනවා. අක්කාගේ බැංකු ගිණුම් අංකයක් දෙන්න. මම සල්ලි  එවන්නම්. ගෙදර කුලිය අරගෙන ඉතිරි මුදල් අම්මට දෙන්න” නිවෙස හිමිකාරිය දැඩි කැමැත්තක් දක්වමින් බැංකු ගිණුම් අංකය ඇයට දුන්නාය. රැකියාවට ගොස් මාසයකට   පසුව මුදල් එව්වාය. දස දහසක් ඒවා තිබුණි.   නිවෙස හිමිකාරිය මුදල් ලබාගෙන දියණියගේ මවට රුපියල් දෙදහසක් දුන්නාය. ඇය රුපියල් දස දහසක් එවන නමුත් අම්මාට ලැබෙන්නේ දෙදහසක් පමණි.


මාස හත අටක් එසේ මුදල් ලැබුණට පසු මවට කතා කළ දියණිය තොරතුරු සැප දුක් විමසමින් කතා කළාය. අම්මේ මම රුපියල් දස දහසක් එව්වා ඇය කීවාය. එවිට මවට පුංචි අදහසක් සිහි විය. පරණ බැංකු පොතක් සොයා ගත්තාය. ගමේ වැඩිහිටියෙකුගේ උදව්වෙන් බැංකු පොතේ ඇති මුදල පිළිබඳ සොයා බැලුවාය. එහි රුපියල් 840ක් තිබුණි. තවත් රුපියල් 160ක් තැන්පත් කළ මව එම ගිණුම් අංකය දුවට යවා මුදල් එම ගිණුමට එවන ලෙස කීවාය. දියණිය මවට මුදල් එව්වාය. මසකට පසු ලැබුණු මුදල් වලින් නිවෙස් හිමිකාරියට රුපියල් හාරදහසක් ගෙව්වාය.